ගණන් කථාව 14:40-45

ගණන් කථාව 14:40-45 NRSV

ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ. එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ. මෙලෙස නොයන්න, සමිඳාණන් වහන්සේ ඔබ මැද වැඩ සිටින්නේ නැත. ඔබේ සතුරන් ඔබට පහර දෙනු ඇත. ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය. එහෙත්, ඔව්හු හිතුවක්කාරකමින් නැඟී කඳුකර ප්‍රදේශයේ මුදුනට ගියහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වත් මෝසෙස් වත් කඳවුරෙන් නික්ම නොගියේ ය. එවිට කඳුකර ප්‍රදේශයෙහි විසූ අමලෙක්වරු ද කානානිවරු ද බැස අවුත් ඔවුන්ට පහර දී හොර්මා නම් ස්ථානය දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.

මෙයට අදාළ වීඩියෝ