ගණන් කථාව 14:34-35
ගණන් කථාව 14:34-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ දේශය පිරික්සීමට ගිය හතළිස් දවසේ එක් දවසකට එක් අවුරුද්ද බැගින් හතළිස් අවුරුද්දක් ම ඔබේ පාප උදෙසා ඔබ දුක් පීඩා විඳිනු ඇත. මා විරුද්ධ කර ගැනීම කෙබඳු වේ දැයි මෙසේ ඔබ දැනගනු ඇත.’ ස්වාමින්වහන්සේ වන මම මේ දෑ පැවසුවෙමි. මට එරෙහිව එකට බැඳුණු මේ දුෂ්ට සමාජයට මම එසේ කරන්නෙමි. මේ පාළුකරයේ ඔවුන්ට තම අවසානය මුණ ගැසෙනු ඇත. මෙහිදී ඔවුන් මියෙනු ඇතැ” යි පැවසූ සේක.
ගණන් කථාව 14:34-35 Sinhala Revised Old Version (SROV)
නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය. ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක.
ගණන් කථාව 14:34-35 Sinhala New Revised Version (NRSV)
නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය. මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක.
ගණන් කථාව 14:34-35 Sinhala New Revised Version 2018 (SNRV)
නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය. මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක.
ගණන් කථාව 14:34-35 New International Version (NIV)
For forty years—one year for each of the forty days you explored the land—you will suffer for your sins and know what it is like to have me against you.’ I, the LORD, have spoken, and I will surely do these things to this whole wicked community, which has banded together against me. They will meet their end in this wilderness; here they will die.”