ගණන් කථාව 14:34-35

ගණන් කථාව 14:34-35 SROV

නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය. ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක.