ගණන් කථාව 11:18-20
ගණන් කථාව 11:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ජනතාවට මෙසේ කියන්න: ‘හෙට දවසට සූදානම් වෙමින්, පවිත්‍ර වන්න. ඔබට කෑමට මස් ලැබෙනු ඇත. “අනේ අපට මස් ටිකක්වත් කෑමට ලැබුණා නම්! ඊජිප්තුවේ අප මොන තරම් හොඳින් සිටියා ද!” කියමින් ඔබ හඬා වැටෙනු ස්වාමින්වහන්සේට ඇසිණි. දැන්, ස්වාමින්වහන්සේ ඔබට මස් දෙන සේක. ඔබ ඒවා අනුභව කරනු ඇත. ඔබ ඒවා අනුභව කරනු ඇත්තේ හුදෙක් දවසක්, දෙකක්, දින පහක්, දහයක් හෝ දින විස්සක් හෝ නො වේ. පුරා මසක් ම ඒවා ඔබේ නහයෙන් කටින් එන තෙක්, ඒවා ඔබට පිළිකුල් වන තෙක් ම කනු ඇත. මන්ද ඔබ අතරේ සිටින ස්වාමින්වහන්සේ ප්‍රතික්ෂේප කොට, “කුමක් නිසා අපි ඊජිප්තුව හැර ආවෙමු ද?” කියමින් උන්වහන්සේ ඉදිරියේ ඔබ හඬා වැලපුණු බැවිනි.’ ”
ගණන් කථාව 11:18-20 Sinhala Revised Old Version (SROV)
නුඹ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට නුඹලා මාංස කන්නහුය. මක්නිසාද නුඹලා: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට මාංස දෙනවා ඇත, නුඹලාද කන්නහුය. නුඹලා අතරේ සිටින ස්වාමීන්වහන්සේ ප්‍රතික්ෂේපකොට: අපි කුමක් නිසා මිසරයෙන් ආවෙමුදැයි කියමින් උන්වහන්සේ ඉදිරියෙහි වැලපුණු බැවින්, එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.
ගණන් කථාව 11:18-20 Sinhala New Revised Version (NRSV)
සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත. නුඹලා එය දවසක්, දෙකක්, දවස් පහක්, දහයක්, විස්සක් හෝ නොව මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.
ගණන් කථාව 11:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත. නුඹලා එය දවසක්, දෙකක්, දවස් පහක්, දහයක්, විස්සක් හෝ නොව මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.
ගණන් කථාව 11:18-20 New International Version (NIV)
“Tell the people: ‘Consecrate yourselves in preparation for tomorrow, when you will eat meat. The LORD heard you when you wailed, “If only we had meat to eat! We were better off in Egypt!” Now the LORD will give you meat, and you will eat it. You will not eat it for just one day, or two days, or five, ten or twenty days, but for a whole month—until it comes out of your nostrils and you loathe it—because you have rejected the LORD, who is among you, and have wailed before him, saying, “Why did we ever leave Egypt?” ’ ”