ගණන් කථාව 10:1-10

ගණන් කථාව 10:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “තැලූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදා, ජන සමාජය එක් රැස් කරවීමටත්, කඳවුර පිටත් ව යෑමේදීත් ඒවා භාවිත කරන්න. හොරණෑ දෙක ම හැඬ වූ කල, මුළු ජන සමාජය ම හමුවීමේ කූඩාරම් දොරකඩ ඔබ ඉදිරියේ එක් රැස් විය යුතු ය. ඉන් එකක් පමණක් හැඬ වූ කල, ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීන් වන නායකයින් ඔබ ඉදිරියේ එක් රැස් විය යුතු ය. හොරණෑව හැඬ වූ කල, පෙරදිග පැත්තේ කඳවුරු බැඳ සිටි ගෝත්‍ර පිටත් ව යා යුතු ය. දෙවන වර එය හැඬ වූ කල, දකුණු දිශාවේ කඳවුරු පිටත් විය යුතු ය. හොරණෑ හැඬවුම පිටත් ව යෑමට සංඥාවකි. ප්‍රජාව රැස්කරවීමට හොරණෑ පිඹින්න; එහෙත් පෙර කී පිටත් ව යෑමේ සංඥාවේ හැඬවුම නො වේ. “හොරණෑ හැඬවිය යුත්තෝ ආරොන්ගේ පුතුන් වූ පූජකයෝ ය. මෙය ඔබටත්, මතු පරම්පරාවනටත් සදාතනික නියෝගයකි. ඔබට පීඩා කරන සතුරකුට එරෙහිව, ඔබේ ම දේශයේදී ඔබ යුද්ධයට යන කල, හොරණෑවලින් හඬක් නංවන්න. එවිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සිහි කොට, ඔබේ සතුරන්ගෙන් ඔබ මුදා ගන්නා සේක. එසේ ම, ඔබගේ ප්‍රීතිමත් අවස්ථාවන්හි දී එනම් ඔබේ නියමිත මංගල්‍ය හා මාසය පටන් ගැන්මේදී යන ඔබගේ දවන යාග පූජා හා ශාන්ති පූජාවලදීත් ඔබ හොරණෑ නාද කළ යුතු ය. ඒවා ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ ගැන සිහිකරවීමක් වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ” යි පැවසූ සේක.

ගණන් කථාව 10:1-10 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න. ඒවා පිඹින කල මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නුඹ වෙතට රැස්වෙත්වා. එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු නුඹ වෙතට රැස්වෙත්වා. නුඹලා මහත් හඬකින් පිම්බ කල නැගෙනහිර පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය. නුමුත් සභාව රැස්කරවන්ට ඕනෑවූ විට මහත් ශබ්දයක් නොකොට පිඹින්න. පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා නුඹලාගේ පරම්පරාවල නුඹලාට නිරන්තර පනතක් පිණිස වන්නේය. නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය. නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.

ගණන් කථාව 10:1-10 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය. ඒවා පිඹින කල මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ නුඹ වෙතට රැස්විය යුතු ය. එහෙත්, එක හොරණෑවක් පමණක් පිඹින කල ඉශ්රායෙල් ගෝත්‍රයන්හි මූලිකයන් වන ප්‍රධානීන් පමණක් ඔබ වෙතට රැස්විය යුතු ය. හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය. හොරණෑව දෙ වන වරටත් රණ හඬ නැඟුව විට දක්ෂිණ දිශාවේ කූඩාරම්වල අය පිටත් විය යුතු ය. මෙලෙස පිටත් වී යාම රණ හඬ අනුව විය යුතු වේ. එහෙත්, මුළු ජනතාව එක්රැස් කිරීමට නම්, රණ හඬ නොනඟා හොරණෑව පිඹිය යුතු ය. හොරණෑ පිඹිය යුත්තෝ ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරු ය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු විය යුතු වේ. නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය. ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”

ගණන් කථාව 10:1-10 Sinhala New Revised Version 2018 (SNRV)