ගණන් කථාව 1:1-4
ගණන් කථාව 1:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු දෙවන වසරේ, දෙවන මස, පළමු වන දා සීනයි කාන්තාරයේ හමුවීමේ කූඩාරම තුළදී, ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ පැවසූ සේක: “හැම පිරිමියකු, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරමින්, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, ඉශ්රායෙල් ප්රජාවේ මුළු ජන සමාජයේ සංගණනයක් ගන්න. හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි සියලු ඉශ්රායෙල් ජාතික පිරිමි, ඔවුන්ගේ සේනාංක වශයෙන් ගණනය කරනු ලැබිය යුත්තේ ඔබත්, ආරොනුත් විසිනි. එක් එක් ගෝත්රයේ පියවංශ ප්රධානියා වූ කෙනකු ඔබට සහාය විය යුතු ය.
ගණන් කථාව 1:1-4 Sinhala Revised Old Version (SROV)
ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක: ඉශ්රායෙල් පුත්රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න; එනම් ඉශ්රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකිවූ, අවුරුදු විස්ස පටන් වයස් ඇති සියල්ලන් ඔවුන් ඔවුන්ගේ සේනාවල ප්රකාරයට නුඹ සහ ආරොන්ද ගණන් කරන්න. එක එක ගෝත්රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය.
ගණන් කථාව 1:1-4 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න. එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය. නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්රික නායකයෙකු සිටිය යුතු ය.
ගණන් කථාව 1:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න. එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය. නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්රික නායකයෙකු සිටිය යුතු ය.
ගණන් කථාව 1:1-4 New International Version (NIV)
The LORD spoke to Moses in the tent of meeting in the Desert of Sinai on the first day of the second month of the second year after the Israelites came out of Egypt. He said: “Take a census of the whole Israelite community by their clans and families, listing every man by name, one by one. You and Aaron are to count according to their divisions all the men in Israel who are twenty years old or more and able to serve in the army. One man from each tribe, each of them the head of his family, is to help you.