ගණන් කථාව 1:1-4

ගණන් කථාව 1:1-4 SROV

ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක: ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න; එනම් ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකිවූ, අවුරුදු විස්ස පටන් වයස් ඇති සියල්ලන් ඔවුන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට නුඹ සහ ආරොන්ද ගණන් කරන්න. එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය.