නෙහෙමියා 9:16-18
නෙහෙමියා 9:16-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් ඔවුහු එනම් අපගේ පියවරු පමණට වඩා අහංකාර ව, තද මුරණ්ඩු ලෙස ඔබගේ ආඥාවලට කීකරු නො වූහ. ඔබවහන්සේට සවන් දීම ප්‍රතික්ෂේප කළ ඔවුහු ඔබ ඔවුන් අතරේ කළ හාස්කම් සිහි නො කර, තද මුරණ්ඩු ව, තම කැරලිකාරකමෙන් ඊජිප්තුවේ තම වහල්කමට ආපසු හැරී යන පිණිස නායකයකු පත් කර ගත්හ. එහෙත් ඔබවහන්සේ කමාව දෙන්නට සූදානමින් සිටින, දයාන්විත, අනුකම්පා සහගත, වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත දෙවියන්වහන්සේ ය; ඔවුන් තමන්ට වාත්තු වහු රූපයක් හදාගෙන, ‘ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන් මෙන්නැ’ යි පවසමින්, දැඩි සේ දේව අපහාස කර තිබියදී, ඔබ ඔවුන් අත්හැර දැමුවේ නැත.
නෙහෙමියා 9:16-18 Sinhala Revised Old Version (SROV)
නුමුත් ඔව්හුද අපේ පියවරුද උඩඟුකම්කර, තමුන්ගේ කුළල් තදකරගන, ඔබගේ ආඥාවන්ට ඇහුම්කන්නොදී සිටියෝය. ඔව්හු කීකරුවෙන්ට අකැමැතිවී, ඔවුන් අතරේ ඔබ කළ පුදුමවල් සිහි නොකර, තමුන්ගේ කුළල් තදකරගෙන, වාල්කමට හැරී යන පිණිස තමුන්ගේ කැරළිකාරකමෙන් ප්‍රධානියෙකු පත්කරගත්තෝය. එහෙත් ඔබ කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, කරුණාභරිතවූ දෙවිකෙනෙක් බැවින්, ඔබ ඔවුන් අත් නොහැරියසේක. එසේය, ඔව්හු තමුන්ට වාත්තු වස්සෙක් සාදාගෙන: මිසරයෙන් නුඹ ගෙනාවාවූ නුඹේ දෙවියන්වහන්සේ මේයයි කියා මහත් දේව අපහාසයන් කළ විටත්
නෙහෙමියා 9:16-18 Sinhala New Revised Version (NRSV)
ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමි කරගැනීමට ඇතුළුවන්නට කියා ද ඔවුන්ට අණ කළ සේක. එහෙත්, අපේ පියවරු මුරණ්ඩු ව ඔබේ ආඥාවන්ට අකීකරු වූ හ. ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක. එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්
නෙහෙමියා 9:16-18 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමි කරගැනීමට ඇතුළුවන්නට කියා ද ඔවුන්ට අණ කළ සේක. එහෙත්, අපේ පියවරු මුරණ්ඩු ව ඔබේ ආඥාවන්ට අකීකරු වූ හ. ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක. එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්
නෙහෙමියා 9:16-18 New International Version (NIV)
“But they, our ancestors, became arrogant and stiff-necked, and they did not obey your commands. They refused to listen and failed to remember the miracles you performed among them. They became stiff-necked and in their rebellion appointed a leader in order to return to their slavery. But you are a forgiving God, gracious and compassionate, slow to anger and abounding in love. Therefore you did not desert them, even when they cast for themselves an image of a calf and said, ‘This is your god, who brought you up out of Egypt,’ or when they committed awful blasphemies.