“එහෙත් ඔවුහු එනම් අපගේ පියවරු පමණට වඩා අහංකාර ව, තද මුරණ්ඩු ලෙස ඔබගේ ආඥාවලට කීකරු නො වූහ. ඔබවහන්සේට සවන් දීම ප්‍රතික්ෂේප කළ ඔවුහු ඔබ ඔවුන් අතරේ කළ හාස්කම් සිහි නො කර, තද මුරණ්ඩු ව, තම කැරලිකාරකමෙන් ඊජිප්තුවේ තම වහල්කමට ආපසු හැරී යන පිණිස නායකයකු පත් කර ගත්හ. එහෙත් ඔබවහන්සේ කමාව දෙන්නට සූදානමින් සිටින, දයාන්විත, අනුකම්පා සහගත, වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත දෙවියන්වහන්සේ ය; ඔවුන් තමන්ට වාත්තු වහු රූපයක් හදාගෙන, ‘ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන් මෙන්නැ’ යි පවසමින්, දැඩි සේ දේව අපහාස කර තිබියදී, ඔබ ඔවුන් අත්හැර දැමුවේ නැත.
නෙහෙමි 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නෙහෙමි 9:16-18
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ