නෙහෙමියා 8:5-6
නෙහෙමියා 8:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියල්ලන්ට ඉහළින් සිටගෙන සිටි එස්රා මුළු ජනතාවගේ ඇස් හමුවේ පොත දිග හැරියේ ය; ඔහු එය දිග හැරිය කල ජනයා සැවොම නැගිට සිටගත්හ. ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එස්රා ප්‍රශංසා කළේ ය; මුළු ජනතාව තම අත් ඉහළට ඔසවමින්, “ආමෙන්! ආමෙන්!” කියා ප්‍රතිචාර දැක්වූහ. ඉන්පසු ඔවුහු බිමට නැමී, තම මුහුණු බිම ඔබා, ස්වාමින්වහන්සේට නමස්කාර කළහ.
නෙහෙමියා 8:5-6 Sinhala Revised Old Version (SROV)
මුළු සෙනඟට ඉහළින් සිටි එස්රා මුළු සෙනඟගේ ඇස් හමුවෙහි පොත දිගඇරියේය; ඔහු ඒක දිගඅරින විට මුළු සෙනඟ නැගිට්ටෝය. එස්රා උතුම් දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.
නෙහෙමියා 8:5-6 Sinhala New Revised Version (NRSV)
මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය. එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
නෙහෙමියා 8:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය. එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
නෙහෙමියා 8:5-6 New International Version (NIV)
Ezra opened the book. All the people could see him because he was standing above them; and as he opened it, the people all stood up. Ezra praised the LORD, the great God; and all the people lifted their hands and responded, “Amen! Amen!” Then they bowed down and worshiped the LORD with their faces to the ground.