නෙහෙමියා 8:5-6

නෙහෙමියා 8:5-6 SROV

මුළු සෙනඟට ඉහළින් සිටි එස්රා මුළු සෙනඟගේ ඇස් හමුවෙහි පොත දිගඇරියේය; ඔහු ඒක දිගඅරින විට මුළු සෙනඟ නැගිට්ටෝය. එස්රා උතුම් දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.