නෙහෙමියා 4:7-13
නෙහෙමියා 4:7-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යෙරුසලම් පවුරේ ඉදිකිරීම් ඉදිරියට කර ගෙන යන වගත්, එහි කැඩුම්-බිඳුම් වැසීම ඇරඹී ඇති වගත් ඇසූ සන්බල්ලට්, ටෝබීයා, අරාබිවරු, අම්මොන්වරු හා අෂ්දෝද් මිනිස්සු මහත් කෝපයට පත් වූහ. ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්‍රණ කළහ. එහෙත් අපි අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කර, ඔවුන්ට එරෙහිව දිවා-රාත්‍රී මුරකාවක් තැබුවෙමු. මේ අතර යූදාහි මෙසේ කියැවිණ: “බර අදින්නන්ගේ ශක්තිය හීන වී යයි. සුන්බුන් ගොඩ බොහෝ ය. පවුර ගොඩනැගීම අපට කළ නො හැකි ය” යනුයි. තවද අපේ සතුරෝ කතා කොට, “ඔවුන් දැනගන්නට කලින්, අප දකින්නටත් කලියෙන් අපි ඔවුන් මැදට පැන, ඔවුන් මරා දමා, වැඩේ නවතා දමමු” යි කීහ. එකල ඔවුන් අසල විසූ යුදෙව්වරු හැම දෙසින් ම අප වෙත අවුත්, “ඔබ අප වෙත ආපසු ආ යුතු යැ” යි දහ වතාවක් කීහ. එබැවින් පවුරේ පහත් කොටස්වලට පිටුපසින් වූ එළිමහන් තැන්වල ජනයාගෙන් ඇතැම් දෙනකු ඔවුන්ගේ පෙළපත් අනුව මා ස්ථානගත කළේ ඔවුන්ගේ කඩු, හෙල්ල හා දුනු සමඟිනි.
නෙහෙමියා 4:7-13 Sinhala Revised Old Version (SROV)
තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා, ඉතා කෝපවූහ; ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්‍රණයකළෝය. නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව. යූදාවරු කථාකොට: බර ගෙනයන්නන්ගේ ශක්තිය හීනවී තිබේ, පස් ගොඩගැසී තිබේ; එබැවින් අපට පවුර ගොඩනගන්ට බැරියයි කීවෝය. අපේ එදිරිකාරයෝ කථාකොට: අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා, වැඩේ නවත්වන තුරු, ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය. තවද ඔවුන් ළඟ විසූ යුදෙව්වරු සියලු ස්ථානවලින් ඇවිත් දස වරක් අපට කථාකොට: නුඹලා අප ළඟට හැරී එන්ට ඕනෑයයි කීවෝය. ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි.
නෙහෙමියා 4:7-13 Sinhala New Revised Version (NRSV)
ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ. ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය. එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු. ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ. අපේ එදිරිකාරයෝ කතා කොට, “ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ. තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ. ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි.
නෙහෙමියා 4:7-13 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 4:7-13 New International Version (NIV)
But when Sanballat, Tobiah, the Arabs, the Ammonites and the people of Ashdod heard that the repairs to Jerusalem’s walls had gone ahead and that the gaps were being closed, they were very angry. They all plotted together to come and fight against Jerusalem and stir up trouble against it. But we prayed to our God and posted a guard day and night to meet this threat. Meanwhile, the people in Judah said, “The strength of the laborers is giving out, and there is so much rubble that we cannot rebuild the wall.” Also our enemies said, “Before they know it or see us, we will be right there among them and will kill them and put an end to the work.” Then the Jews who lived near them came and told us ten times over, “Wherever you turn, they will attack us.” Therefore I stationed some of the people behind the lowest points of the wall at the exposed places, posting them by families, with their swords, spears and bows.