නෙහෙමියා 2:12-16
නෙහෙමියා 2:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු මිනිසුන් කිහිප දෙනකු සමඟ මම රැයේ නැගිට්ටෙමි. යෙරුසලම උදෙසා කරන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවතේ තැබූ දෑ ගැන කිසිවකුටත් මා කීවේ නැත. මා නැගී ගිය සතා හැරෙන්නට මා සමඟ වෙනත් සතුන් සිටියේ නැත. එම රැයේ මම මිටියාවත් දොරටුව මැදින් සර්ප උල්පත හා කසළ දොරටුව දෙසට ගොස්, බිඳ දමනු ලැබ තිබූ යෙරුසලම් පවුරු හා ගින්නෙන් විනාශ ව තිබූ එහි දොරටුත් පරීක්ෂා කළෙමි. එතැනින් මම උල්පත් දොරටුව ද රජුගේ පොකුණ ද දෙසට ගියෙමි. එහෙත් මා නැගුණ සතාට එතැනින් යන්නට ඉඩ මදි විය. එබැවින් මම රැයේ මිටියාවත හරහා ගොස්, පවුර පරීක්ෂා කළෙමි. පසුව හැරී අවුත්, මිටියාවත් දොරටුව මැදින් ආපසු ආවෙමි. මා කොහේ ගියේ ද කළේ කවරක් ද යන්න නිලධාරීන් දැනගත්තේ නැත. මන්ද ඒ වන තුරු යුදෙව්වරුන්, පූජකයින්, අධිපතීන්, නිලධාරීන් හෝ වැඩ කරන්නට සිටි කිසිවකුට හෝ මා ඒ වග දන්වා තිබුණේ නැත.
නෙහෙමියා 2:12-16 Sinhala Revised Old Version (SROV)
තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී, නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා, පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී මිටියාවතේ දොරටුවෙන් ඇතුල්වී ආයෙමි. මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි.
නෙහෙමියා 2:12-16 Sinhala New Revised Version (NRSV)
තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී, නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා, පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි. මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි.
නෙහෙමියා 2:12-16 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 2:12-16 New International Version (NIV)
I set out during the night with a few others. I had not told anyone what my God had put in my heart to do for Jerusalem. There were no mounts with me except the one I was riding on. By night I went out through the Valley Gate toward the Jackal Well and the Dung Gate, examining the walls of Jerusalem, which had been broken down, and its gates, which had been destroyed by fire. Then I moved on toward the Fountain Gate and the King’s Pool, but there was not enough room for my mount to get through; so I went up the valley by night, examining the wall. Finally, I turned back and reentered through the Valley Gate. The officials did not know where I had gone or what I was doing, because as yet I had said nothing to the Jews or the priests or nobles or officials or any others who would be doing the work.