නෙහෙමියා 2:12-16

නෙහෙමියා 2:12-16 SNRV

තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී, නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා, පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි. මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි.