නෙහෙමියා 13:1-9
නෙහෙමියා 13:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ ජනයා අසා සිටියදී මෝසෙස්ගේ පොත හඬ නගා කියවන ලදී. අම්මොන් හෝ මෝවබ් ජාතික කිසිවකු කිසි කලෙක දෙවියන්වහන්සේගේ එක්රැස්වීමට ඇතුල් නො විය යුතු යැයි එහි ලියා තිබෙනු හමු විණි. මන්ද ඔවුහු කෑමත්, වතුරත් රැගෙන, ඉශ්‍රායෙල් මුණගැසෙන්නට නො පැමිණියා සේ ම ඔවුන් පිටට ශාපයක් ගෙනෙන්නට බාලාම් ද කුලියට ගත්හ. (එසේ වුවත් අපේ දෙවියන්වහන්සේ එම ශාපය ආශිර්වාදයකට පෙරළූ සේක.) ජනයා මේ නීතිය ඇසූ කල, විදෙස්සන්ගෙන් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් වෙතින් වෙන් කළහ. මින් පෙර අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා කාමර බාර ව සිටියේ පූජක එලියාෂීබ් ය. ඔහුට ටෝබීයා හා නෑකමක් තිබුණේ ය. ඔහු ටෝබීයාට විශාල කාමරයක් දී තිබිණ. එය කලින් භාවිත කර තිබුණේ ධාන්‍ය පූජා, සුවඳ ද්‍රව්‍ය හා දේව මාලිග භාණ්ඩ ද ලෙවීවරුන්ට, ගායනා කරන්නන්ට සහ දොරටු පාලකයන්ට නියම කරන ලද ධාන්‍ය, අලුත් මිදි යුෂ සහ තෙල්වල දසයෙන් කොටස ද පූජකයින් සඳහා වූ සම්මාදම් ද ගබඩා කිරීමට ය. එහෙත් මේ සියල්ල සිදුවන අතරේ, මා යෙරුසලමේ සිටියේ නැත. බබිලෝනි රජු වූ අර්තාෂස්තාගේ තිස්දෙවන අවුරුද්දේ මම රජු වෙත ගියෙමි. ටික කලකට පසු ඔහුගෙන් අවසර ගෙන මම, ආපසු යෙරුසලමට පැමිණියෙමි. දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවේ වූ කාමරයක් ටෝබීයාට දීමෙන් එලියාෂීබ් කර තිබූ නපුර ගැන මට දැනගන්නට ලැබුණේ එහිදී ය. මම බෙහෙවින් කැලඹී, ටෝබීයාගේ ගේ-බඩු සියල්ල කාමරයෙන් පිටත විසී කළෙමි. කාමර පවිත්‍ර කරන්නට නියෝග දුන් මම ඉන්පසු දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩත්, ධාන්‍ය පූජා හා සුවඳ ද්‍රව්‍යයත් ඒ කාමරවලට ආපසු ගෙනාවෙමි.
නෙහෙමියා 13:1-9 Sinhala Revised Old Version (SROV)
ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී: අම්මොන්වරුන්ද මෝවබ්වරුන්ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමගට නෑවිත් ඔවුන්ට ශාපකරන පිණිස බාලාම් කුලියට ගත් නිසා, අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් දෙවියන්වහන්සේගේ සභාවට කිසිකලක ඇතුල් නොවන්නේය කියා ලියා තිබෙනවා සම්බවිය. ඒ ශාපය අපේ දෙවියන්වහන්සේ ආශීර්වාදයකට හැරෙවූසේක. තවද ඔව්හු ව්‍යවස්ථාව අසා, මුළු මිශ්‍ර සමූහයා ඉශ්‍රායෙල්ගෙන් වෙන්කළෝය. මීට පළමුවෙන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල් කෙරෙහි පත්ව සිටියාවූ, ටෝබියාට නෑකම් ඇත්තාවූ, පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය. ඒ සියල්ලේදී මම යෙරුසලමෙහි නොසිටියෙමි. මක්නිසාද බබිලෝනියේ රජවූ අර්තක්ෂස්තාගේ තිස්දෙවෙනි අවුරුද්දේදී මම රජු ළඟට ගියෙමි, තවද දවස් ගණනකට පසු රජුගෙන් අවසර ඉල්ලාගෙන, යෙරුසලමට ආවෙමි. එවිට එලියාෂීබ් දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවල ටෝබියාට ඇතුල් ගෙයක් සූදානම්කර දීමෙන් ඔහු උදෙසා කළ නපුර දැනගත්තෙමි. ඊට මම ඉතා අප්‍රසන්නවී ටෝබියාගේ ගෙයි බඩු සියල්ල ඇතුල් ගෙයින් පිටතට දැමුවෙමි. එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි.
නෙහෙමියා 13:1-9 Sinhala New Revised Version (NRSV)
ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා, අම්මොනි ජාතිකයෙක් වත්, මෝවබ් ජාතිකයෙක් වත්, දෙවියන් වහන්සේගේ සභාවට කිසි කලෙක ඇතුළු නොවන්නේ ය කියා ලියා තිබෙනවා සම්බ විය. ඒ සාපය අපේ දෙවියන් වහන්සේ ආශීර්වාදයකට හැරෙවූ සේක. සෙනඟ මේ නියෝගය ඇසූ විට ඔව්හු මිශ්‍ර විවාහයෙන් පැවත ආ අය ඉශ්රායෙල් සෙනඟගෙන් වෙන් කළහ. මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය. ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි. මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි. මම ඊට අතිශයින් කිපී ටෝබියාගේ කාමරයෙහි තිබුණු බඩු භාණ්ඩ සියල්ල පිටතට වීසි කෙළෙමි. ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.
නෙහෙමියා 13:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 13:1-9 New International Version (NIV)
On that day the Book of Moses was read aloud in the hearing of the people and there it was found written that no Ammonite or Moabite should ever be admitted into the assembly of God, because they had not met the Israelites with food and water but had hired Balaam to call a curse down on them. (Our God, however, turned the curse into a blessing.) When the people heard this law, they excluded from Israel all who were of foreign descent. Before this, Eliashib the priest had been put in charge of the storerooms of the house of our God. He was closely associated with Tobiah, and he had provided him with a large room formerly used to store the grain offerings and incense and temple articles, and also the tithes of grain, new wine and olive oil prescribed for the Levites, musicians and gatekeepers, as well as the contributions for the priests. But while all this was going on, I was not in Jerusalem, for in the thirty-second year of Artaxerxes king of Babylon I had returned to the king. Some time later I asked his permission and came back to Jerusalem. Here I learned about the evil thing Eliashib had done in providing Tobiah a room in the courts of the house of God. I was greatly displeased and threw all Tobiah’s household goods out of the room. I gave orders to purify the rooms, and then I put back into them the equipment of the house of God, with the grain offerings and the incense.