ශු. මාර්ක් 8:1-8 - Compare All Versions
ශු. මාර්ක් 8:1-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එදවස්හි යළි මහ ජන සමූහයක් රැස් වූ කල, ඔවුනට කෑමට කිසිවක් නො තිබුණෙන්, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතමින්, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් ඔවුන් සිටියේ මා සමඟයි; ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේ මා ඔවුන්ගේ ගෙවලට පිටත් කර හැරියොත් අතර මගදී ඔවුන් ක්ලාන්ත වේවි. ඔවුන්ගෙන් ඇතැම් දෙනකු පැමිණ ඇත්තේ දුර බැහැර ඉඳන්” යැයි කී සේක. උන්වහන්සේගේ ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට මේ පාළු පෙදෙසින් කොහොම රොටි සොයන්න දැ?” යි කීහ. “ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි ඔවුහු කීහ. ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, රොටි හත ගෙන, ස්තුති දී, ඒවා කඩා, ගෝලයින්ට දුන්නේ, සෙනඟ ඉදිරියේ ඒවා තබන පිණිස ය. ගෝලයෝ ඒවා සමූහයා ඉදිරියේ තැබූහ. ඔවුන් වෙත කුඩා මසුන් ස්වල්ප දෙනෙක් ද වූ හෙයින් යේසුස්වහන්සේ ඒවා ද ගෙන, ඊට ආශිර්වාද කර, ඔවුන් ඉදිරියේ තබන්නැයි කී සේක. ජන සමූහයා අනුභව කොට, සෑහීමට පැමිණි පසු ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ.
ශු. මාර්ක් 8:1-8 SROV (Sinhala Revised Old Version)
ඒ දවස්වලදී නැවත ඉතා මහත් සමූහයක් රැස්වූ කල, ඔවුන්ට කන්ට කිසිවක් නොතිබුණු බැවින් උන්වහන්සේ තමන් ගෝලයන් කැඳවා: සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත. ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී ක්ලාන්තවෙනවා ඇත; ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිතියි කීසේක. උන්වහන්සේගේ ගෝලයෝ උත්තරදෙමින්: මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්තිමත්කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය. නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සතකැයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ සමූහයාට බිම ඉඳගන්ට අණදී, රොටි සත රැගෙන ස්තුතිකොට කඩා, ඔවුන් ඉදිරියෙහි තබන පිණිස තමන් ගෝලයන්ට දුන්සේක; ඔව්හුද සමූහයා ඉදිරියෙහි ඒවා තැබුවෝය. ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක්ද තිබුණේය. උන්වහන්සේ ඒවාට ආශීර්වාදකොට, ඒවාත් ඔවුන් ඉදිරියෙහි තබන්ට අණකළසේක. ඔව්හු වනාහි කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරාවාගත්තෝය.
ශු. මාර්ක් 8:1-8 NRSV (Sinhala New Revised Version)
ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, “මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති”යි වදාළ සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “මෙවැනි පාළුකරයක මොවුන්ට කොහොන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය. “ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සතක්”යයි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ. ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක. ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ.
ශු. මාර්ක් 8:1-8 SNRV (Sinhala New Revised Version 2018)
ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, “මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති”යි වදාළ සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “මෙවැනි පාළුකරයක මොවුන්ට කොහෙන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය. “ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සතක්”යයි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ. ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක. ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ.
ශු. මාර්ක් 8:1-8 NIV (New International Version)
During those days another large crowd gathered. Since they had nothing to eat, Jesus called his disciples to him and said, “I have compassion for these people; they have already been with me three days and have nothing to eat. If I send them home hungry, they will collapse on the way, because some of them have come a long distance.” His disciples answered, “But where in this remote place can anyone get enough bread to feed them?” “How many loaves do you have?” Jesus asked. “Seven,” they replied. He told the crowd to sit down on the ground. When he had taken the seven loaves and given thanks, he broke them and gave them to his disciples to distribute to the people, and they did so. They had a few small fish as well; he gave thanks for them also and told the disciples to distribute them. The people ate and were satisfied. Afterward the disciples picked up seven basketfuls of broken pieces that were left over.