මාර්ක් 8:1-8

මාර්ක් 8:1-8 SCV

එදවස්හි යළි මහ ජන සමූහයක් රැස් වූ කල, ඔවුනට කෑමට කිසිවක් නො තිබුණෙන්, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතමින්, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් ඔවුන් සිටියේ මා සමඟයි; ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේ මා ඔවුන්ගේ ගෙවලට පිටත් කර හැරියොත් අතර මගදී ඔවුන් ක්ලාන්ත වේවි. ඔවුන්ගෙන් ඇතැම් දෙනකු පැමිණ ඇත්තේ දුර බැහැර ඉඳන්” යැයි කී සේක. උන්වහන්සේගේ ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට මේ පාළු පෙදෙසින් කොහොම රොටි සොයන්න දැ?” යි කීහ. “ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි ඔවුහු කීහ. ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, රොටි හත ගෙන, ස්තුති දී, ඒවා කඩා, ගෝලයින්ට දුන්නේ, සෙනඟ ඉදිරියේ ඒවා තබන පිණිස ය. ගෝලයෝ ඒවා සමූහයා ඉදිරියේ තැබූහ. ඔවුන් වෙත කුඩා මසුන් ස්වල්ප දෙනෙක් ද වූ හෙයින් යේසුස්වහන්සේ ඒවා ද ගෙන, ඊට ආශිර්වාද කර, ඔවුන් ඉදිරියේ තබන්නැයි කී සේක. ජන සමූහයා අනුභව කොට, සෑහීමට පැමිණි පසු ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ.