ශු. මතෙව් 27:55-56
ශු. මතෙව් 27:55-56 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුරින් සිට එදෙස බලා සිටි ස්ත්රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්රයන්ගේ මව ද වූහ.
බෙදාගන්න
ශු. මතෙව් 27 කියවන්නශු. මතෙව් 27:55-56 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්රීවරුත් එහි දුරින් බලා සිටියෝය. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්රයන්ගේ මෑණියෝද සිටියෝය.
බෙදාගන්න
ශු. මතෙව් 27 කියවන්නශු. මතෙව් 27:55-56 Sinhala New Revised Version (NRSV)
ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ. මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 27 කියවන්න