ශු. මතෙව් 27:45-54

ශු. මතෙව් 27:45-54 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හය වන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ-විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය. එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ. යළිත් වරක් උස් හඬින් මොර ගැසූ යේසුස්වහන්සේ තම ආත්මය බාර දුන් සේක. එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ. සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ. ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල් ව බොහෝ දෙනකුට පෙනුණහ. යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන් ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසූහ.

ශු. මතෙව් 27:45-54 Sinhala Revised Old Version (SROV)

සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය. නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය. එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මූදූහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය. සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය. යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක. බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය; පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව, ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය. සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය.

ශු. මතෙව් 27:45-54 Sinhala New Revised Version (NRSV)

මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. තුනට පමණ ජේසුස් වහන්සේ, “ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ. එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය. සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක. දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.

ශු. මතෙව් 27:45-54 Sinhala New Revised Version 2018 (SNRV)