ශු. මතෙව් 27:12-14
ශු. මතෙව් 27:12-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. එවිට පිලාත්, “ඔබට ඇහෙන්නේ නැද්ද මොන තරම් දෑ ගැන මොවුන් ඔබට එරෙහිව සාක්ෂි දෙනවා ද කියා?” යි උන්වහන්සේගෙන් ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඒ එක චෝදනාවකට හෝ කිසි පිළිතුරක් නුදුන් සේක; එවිට ආණ්ඩුකරු මහත් විස්මයට පත් විය.
ශු. මතෙව් 27:12-14 Sinhala Revised Old Version (SROV)
නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් දුන්නේ නැත. එවිට පිලාත් කථාකොට: මොව්හු නුඹට විරුද්ධව කොපමණ කාරණා ගැන සාක්ෂි කියන්නෝද කියා ඇසෙන්නේ නැද්දැයි කීවේය. නුමුත් උන්වහන්සේ එක වචනයකටවත් උත්තර නුදුන්සේක. එහෙයින් ආණ්ඩුකාරයා බොහෝසෙයින් මවිතවූයේය.
ශු. මතෙව් 27:12-14 Sinhala New Revised Version (NRSV)
නායක පූජකවරුන් ද ප්රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක. එවිට පිලාත්, “මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය. එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.
ශු. මතෙව් 27:12-14 Sinhala New Revised Version 2018 (SNRV)
නායක පූජකවරුන් ද ප්රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක. එවිට පිලාත්, “මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය. එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.
ශු. මතෙව් 27:12-14 New International Version (NIV)
When he was accused by the chief priests and the elders, he gave no answer. Then Pilate asked him, “Don’t you hear the testimony they are bringing against you?” But Jesus made no reply, not even to a single charge—to the great amazement of the governor.