ශු. මතෙව් 2:16-23

ශු. මතෙව් 2:16-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය. මෙසේ දිවැසිවර යෙරමියා පවසා තිබූ මෙම අනාවැකිය ඉටු විණි: “වැලපීමක, මහා විලාපයක හඬක්, රාමාහි ඇසිණ, රාඛෙල් ඇගේ දරුවන් ගැන වැලපෙන්නී, තවත් උන් නැති නිසා, සැනසෙන්නට නො කැමති වූවා ය.” හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී, “නැගිට, දරුවාත්, ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට යන්න; මන්ද දරුවාගේ ජීවිතය නසන්නට සෙවූ අය මැරිලා” යි කීවේ ය. එවිට ඔහු නැගිට, දරුවාත් ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට ගියේ ය. එහෙත් හෙරෝද්ගේ පුත් අර්කෙලාවුස් සිය පියාගේ තැන ගෙන යුදයේ රජකම් කරන බැව් අසා, එහි යෑමට බිය වූ ඔහු සිහිනයකින් අවවාද ලැබ, ගලීල පළාතට අහක් ව ගොස්, නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මගින් කී කීම මෙසේ ඉටු විය.

ශු. මතෙව් 2:16-23 Sinhala Revised Old Version (SROV)

එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය. එකල: හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය; රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය. නුමුත් හෙරොද් මැරුණායින් පසු, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් මිසරයෙහිදී ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය. එවිට ඔහු නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට ආවේය. එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්, නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

ශු. මතෙව් 2:16-23 Sinhala New Revised Version (NRSV)

එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය. එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවා ය.” හෙරොද් මියගිය පසු, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් මිසරයේ දී සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද ඔහුගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට යන්න; ළදරුවාගේ ජීවිතය නසන්න තැත් කළ අය මළහ”යි කී ය. එවිට ඔහු නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට පැමිණියේ ය. එහෙත්, අර්කෙලාවුස් සිය පිය වූ හෙරොද් වෙනුවට ජුදා දේශයේ රජකම් කරන බව අසා, ඔහු එහි යන්න බිය ව, සිහිනයකින් දන්වනු ලැබ ගලීලයේ පෙදෙස්වලට ගොස්, එහි නාසරෙත් නුවර විසී ය. මෙසේ වූයේ, “උන් වහන්සේ නාසරීයයෙකැ”යි දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.

ශු. මතෙව් 2:16-23 Sinhala New Revised Version 2018 (SNRV)