ශු. මතෙව් 12:22-50 - Compare All Versions

ශු. මතෙව් 12:22-50 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධ වූත්, ගොළු වූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක. සියලු ජනයා විස්මිත වී, “මේ දාවිත්ගේ පුත්‍රයාණන්වත් දෝ?” යි පැවසූහ. එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මගින් පමණි” යි කීහ. උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ඔවුන් අමතමින්, “එයට ම එරෙහිව බෙදුනු හැම රාජ්‍යයක් බිඳ වැටෙයි. එයට ම එරෙහිව බෙදුනු නගරයක් හෝ ගෙදරක් හෝ පවතින්නේ නැත. සාතන් විසින් සාතන් දුරු කරනු ලබන්නේ නම්, ඔහු තමන්ට ම එරෙහිව බෙදී සිටියි. එසේ නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මගින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මගින් ද? එබැවින්, ඔවුන් ම ඔබගේ විනිශ්චයකරුවන් ය. එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත. “පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගෙය කොල්ලකත හැකියි. “මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක් රැස් නො කරන්නා විසුරුවා හරියි. එබැවින් මා ඔබට කියන්නේ, හැම පාපයකට හා හැම දේවාපහාසයකට මිනිසාට කමාව දෙනු ලබන බවයි; එහෙත් ආත්මයාණන්වහන්සේට එරෙහිව නගන දේවාපහාසයට කමාවක් නැත. මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන කවරකුට වුව, කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව කතා කරන කවරකුට වුව, මේ යුගයේදීවත්, මතු පැමිණෙන යුගයේදීවත් කමා කරනු නො ලැබේ. “ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි. පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි. හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ. එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැන ම ගණන් දීමට සිදුවන බවයි. මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේ ම වචන මගිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේ ම වචන මගිනි” යි පැවසූ සේක. එකල දහම් පඬිවරු හා ඇතැම් පරිසිවරු උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබගෙන් ලකුණක් දකින්නට අප කැමති” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් දිවැසිවර යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ. මන්ද යෝනා, යෝධ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත. නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත; මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී. දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සාලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස ඈ පොළෝ කෙළවරේ සිට ආවා ය. දැන් මෙන්න! සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී. “අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල, ‘මා පිට වී ආ නිවසට ම ආපසු යමි’ යි කියයි. එසේ ආ කල, ඒ නිවස හිස් ව, අතු ගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි. එවිට ඔහු පිටත් ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය පළමු තත්වයටත් වඩා නරක් වෙයි. මේ දුෂ්ට පරම්පරාවේ තත්වය ද එය ම වෙතැ” යි පැවසූ සේක. උන්වහන්සේ සමූහයා අමතමින් සිටියදී උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, උන්වහන්සේ හා කතා කරන අටියෙන් පිටතට වී සිටියහ. එවිට එහි සිටි කෙනෙක්, “අන්න, ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබට කතා කරන පිණිස පිටත සිටිනවා” යි උන්වහන්සේට කීවේ ය. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා, තම ගෝලයින් දෙස අත දිගු කරමින්, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්; ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් වුව මගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 12 SCV

ශු. මතෙව් 12:22-50 SROV (Sinhala Revised Old Version)

එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය. සියලු සමූහයෝ විස්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝදැයි ඇසුවෝය. නුමුත් ඵරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය. උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කථාකොට: තමාටම විරුද්ධව භේදවුණාවූ හැම රාජ්‍යයම පාළුවන්නේය; තමාටම විරුද්ධව භේදවුණාවූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය. සාතන් විසින්ම සාතන් දුරුකරයි නම් ඔහු තමාටම විරුද්ධව භේදව සිටියි; එසේවී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද? තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය. නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ. නොහොත් බලවන්තයා පළමුකොට නොබැඳ, යමෙකුට ඔහුගේ ගෙට වැද ඔහුගේ වස්තු කොල්ලකන්ට කෙසේ හැකි වේද? බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය. මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි. එබැවින් මම නුඹලාට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය. යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය. ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ ඒකේ ඵලවලින් ඇඳිනගනු ලැබේ. පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. තවද මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක. එවිට ලියන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබගෙන් ලකුණක් දකින්ට කැමැත්තෙමුයයි කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය. නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාකිරීමෙන් ඔව්හු පසුතැවිලිවූවෝය; බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි. දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි. අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ: මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි. එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක. උන්වහන්සේ සමූහයන්ට කථාකරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටියෝය. එවිට එක්කෙනෙක් උන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටිතියි උන්වහන්සේට කීවේය. එහෙත් උන්වහන්සේ තමන්ට කථාකළ තැනැත්තාට උත්තරදෙමින්: මාගේ මෑණියෝ කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි කියා, තමන් ගෝලයන් දෙසට අත දිගුකොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ! මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 12 SROV

ශු. මතෙව් 12:22-50 NRSV (Sinhala New Revised Version)

එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි. මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්‍රයා විය හැකි දැ”යි ඇසූ හ. එවිට පරිසිවරු ඒ අසා, “මොහු දුෂ්ටාත්මාධිපතියා වන බෙල්සෙබුල්ගේ අනුහසින් මිස වෙන විධියකින් දුෂ්ටාත්මයන් දුරු නොකරති”යි කී හ. උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි. සාතන් විසින් ම සාතන් දුරු කරනු ලැබේ නම්, ඔහු ඔහුට ම විරෝධී ව භේද වී සිටියි. එසේ නම්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් නම්, ඔබේ ම අනුගාමිකයන් දුෂ්ටාත්මයන් දුරු කරන්නේ කවරෙකුගේ අනුහසින් ද? මේ අනුව ඔව්හු ම ඔබේ තර්කය බිඳදමති. එහෙත්, මම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කෙරෙම් නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒකාන්තයෙන් ම ඔබ කෙරේ උදා වී තිබේ. “තවද, බලවතෙකු පළමු කොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද, වස්තුව කොල්ලකන්ට කිසිවෙකුට හැකි වේ ද? ඔහු බැඳදැමූ පසු ඔහුගේ ගෙය කොල්ලකන්නේ ය. මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි. එහෙයින් මම ඔබට කියමි, හැම පාපය ම, හැම දේවාපහාසය ම මිනිසුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ආත්මයාණන් වහන්සේට විරුද්ධ ව කරන අපහාසයට කමාවක් නැත. යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.” “ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි. එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ. යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි. තවද, මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි. ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.” එවිට විනයධරයන් හා පරිසිවරුන්ගෙන් සමහරෙක් කතා කරමින්, “ගුරුදේවයෙනි, ඔබ හාස්කමක් කරනු දකින්න අපි කැමැත්තෙමු”යි කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ. ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත. දේව විනිශ්චය දවසේ දී නිනිවයේ මිනිසුන් මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, ජෝනාගේ දේශනා කිරීමෙන් ඔව්හු පසුතැවී සිත් හරවා ගත් හ. මෙන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. දේව විනිශ්චය දවසේ දී දකුණු දිශාවේ රැජිනිය මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, එතුමිය සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාවේ සිට පැමිණියා ය. මෙන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි ඇත.” “අශුද්ධාත්මයක් මිනිසෙකුගෙන් දුරුව ගිය කල, ඔහු දිය නැති තැන්වල ඇවිද, විවේකයක් සොයා යන්නේ ය. එය නොලදහොත්, ‘මම නික්ම ආ මාගේ ගෙදරට පෙරළා යමි’යි කියයි. ඔහු එහි පැමිණි කල, ඒ ගෙදර හිස්ව, අතුගා, සකස් කොට තිබෙන බව දකියි. එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.” උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ. එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, “බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති”යි කී ය. එහෙත්, උන් වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, “මාගේ මෑණියෝ කවුරු ද? මාගේ සහෝදරයෝ කවුරු ද?” කියා සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, “මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ! ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 12 NRSV

ශු. මතෙව් 12:22-50 SNRV (Sinhala New Revised Version 2018)

ශු. මතෙව් 12 SNRV

ශු. මතෙව් 12:22-50 NIV (New International Version)

Then they brought him a demon-possessed man who was blind and mute, and Jesus healed him, so that he could both talk and see. All the people were astonished and said, “Could this be the Son of David?” But when the Pharisees heard this, they said, “It is only by Beelzebul, the prince of demons, that this fellow drives out demons.” Jesus knew their thoughts and said to them, “Every kingdom divided against itself will be ruined, and every city or household divided against itself will not stand. If Satan drives out Satan, he is divided against himself. How then can his kingdom stand? And if I drive out demons by Beelzebul, by whom do your people drive them out? So then, they will be your judges. But if it is by the Spirit of God that I drive out demons, then the kingdom of God has come upon you. “Or again, how can anyone enter a strong man’s house and carry off his possessions unless he first ties up the strong man? Then he can plunder his house. “Whoever is not with me is against me, and whoever does not gather with me scatters. And so I tell you, every kind of sin and slander can be forgiven, but blasphemy against the Spirit will not be forgiven. Anyone who speaks a word against the Son of Man will be forgiven, but anyone who speaks against the Holy Spirit will not be forgiven, either in this age or in the age to come. “Make a tree good and its fruit will be good, or make a tree bad and its fruit will be bad, for a tree is recognized by its fruit. You brood of vipers, how can you who are evil say anything good? For the mouth speaks what the heart is full of. A good man brings good things out of the good stored up in him, and an evil man brings evil things out of the evil stored up in him. But I tell you that everyone will have to give account on the day of judgment for every empty word they have spoken. For by your words you will be acquitted, and by your words you will be condemned.” Then some of the Pharisees and teachers of the law said to him, “Teacher, we want to see a sign from you.” He answered, “A wicked and adulterous generation asks for a sign! But none will be given it except the sign of the prophet Jonah. For as Jonah was three days and three nights in the belly of a huge fish, so the Son of Man will be three days and three nights in the heart of the earth. The men of Nineveh will stand up at the judgment with this generation and condemn it; for they repented at the preaching of Jonah, and now something greater than Jonah is here. The Queen of the South will rise at the judgment with this generation and condemn it; for she came from the ends of the earth to listen to Solomon’s wisdom, and now something greater than Solomon is here. “When an impure spirit comes out of a person, it goes through arid places seeking rest and does not find it. Then it says, ‘I will return to the house I left.’ When it arrives, it finds the house unoccupied, swept clean and put in order. Then it goes and takes with it seven other spirits more wicked than itself, and they go in and live there. And the final condition of that person is worse than the first. That is how it will be with this wicked generation.” While Jesus was still talking to the crowd, his mother and brothers stood outside, wanting to speak to him. Someone told him, “Your mother and brothers are standing outside, wanting to speak to you.” He replied to him, “Who is my mother, and who are my brothers?” Pointing to his disciples, he said, “Here are my mother and my brothers. For whoever does the will of my Father in heaven is my brother and sister and mother.”

බෙදාගන්න
ශු. මතෙව් 12 NIV