මලාකී 3:1-2
මලාකී 3:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න මම මගේ දූතයා යවමි. ඔහු මට පෙරටුවෙන් මාවත සකසන්නේ ය. එවිට ඔබ සොයන ස්වාමින්වහන්සේ හදිසියේ ම ස්වකීය මාලිගයට එනු ඇත; ගිවිසුමේ දූතයාණන් හා ඔබේ අභිලාෂය වන තැනැත්තාණෝ අන්න, උන්වහන්සේ එන්නාහ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි.
මලාකී 3:1-2 Sinhala Revised Old Version (SROV)
මෙන්න, මාගේ දූතයා එවමි, ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. එවිට නුඹලා සොයන ස්වාමීන්වහන්සේ හදිසියෙන් තමන් මාළිගාවට එනසේක; එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් උන්වහන්සේගේ ඊමේ දවස දරන්ට පුළුවන් කාටද? උන්වහන්සේ පෙනෙන කල සිටින්ට පුළුවන් කාටද? මක්නිසාද උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය.
මලාකී 3:1-2 Sinhala New Revised Version (NRSV)
මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්රකාශ කරනු ඇත.” එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක.
මලාකී 3:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්රකාශ කරනු ඇත.” එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක.
මලාකී 3:1-2 New International Version (NIV)
“I will send my messenger, who will prepare the way before me. Then suddenly the Lord you are seeking will come to his temple; the messenger of the covenant, whom you desire, will come,” says the LORD Almighty. But who can endure the day of his coming? Who can stand when he appears? For he will be like a refiner’s fire or a launderer’s soap.