ශු. ලූක් 7:11-35

ශු. ලූක් 7:11-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන් අනතුරුව උන්වහන්සේ නායින් නම් වූ නගරයට ගිය සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද මහා ජන සමූහයක් ද උන්වහන්සේ සමඟ ගියහ. උන්වහන්සේ නගර දොරටුවට ළඟා වෙත් ම; මෙන්න! මළ මිනියක් පිටතට ගෙන එමින් තිබිණි. ඒ, වැන්දඹු මවකට සිටි එක ම පුත්‍රයා වූ කෙනකුගේ ය. සෑහෙන පිරිසක් නගරයේ සිට ඇය සමඟ ගමන් කළහ. ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක. උන්වහන්සේ දෙණ වෙත ගොස්, ඊට අත තැබූ කල, දෙණ උසුලන්නෝ නැවතුණහ. එවිට උන්වහන්සේ, “තරුණය, නැගිටින්නැයි මම ඔබට කියමි!” යි කී සේක. මළ මිනිසා කෙළින් වී හිඳ, කතා කරන්නට වන්නේ ය. යේසුස්වහන්සේ ඔහුගේ මවට ඔහු භාර දුන් සේක. එවිට සියල්ලෝ භයින් වෙළී, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර නැගිටලා! දෙවියන්වහන්සේ තම ජනයාට පිහිට වන්නට ඇවිල්ලා!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය. උන්වහන්සේ පිළිබඳ පුවත මුළු යුදය පුරාත්, ඒ අවට පෙදෙස්හිත් පතළ විය. යොහන්ගේ ගෝලයෝ මේ සියලු විස්තර යොහන්ට දැන්වූහ. එකල තම ගෝලයින් දෙදෙනකු තමා වෙත කැඳවූ ඔහු, ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය. ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ. ඒ පැයේදී ම උන්වහන්සේ රෝග හා ව්‍යාධි තිබූ බොහෝ දෙනකු ද දුෂ්ටාත්ම ද සුව කර, අන්ධ ව සිටි බොහෝ දෙනකුට පෙනීම දුන් සේක. ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක. යොහන්ගේ පණිවුඩකරුවන් නික්ම ගිය පසු, රැස් ව සිටි ජන සමූහයාට යොහන් ගැන කතාව පටන් ගත් යේසුස්වහන්සේ, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු ද? බලන්න, අගනා සළු පිළි හැඳ, සුඛ විහරණයෙන් දිවි ගෙවන අය සිටින්නේ රජ මාලිගාවලයි. එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි. මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි: “ ‘මෙන්න මම මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමග සකසනු ඇත.’ මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් කිසිවකු යොහන්ට වඩා උතුම් නො වන බවයි; එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.” (යොහන්ගේ බව්තීස්ම ලබා සිටි, බදු අය කරන්නන් ඇතුළු ව මුළු ජනයා ඒ ඇසූ කල, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ වග ප්‍රකාශ කළහ. එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.) “එසේ නම් මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? ඔවුන් කවුරුන්ට සමාන ද? කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි: “ ‘අප ඔබට නළා පිම්බා, කෝ! ඔබ නැටුවේ නෑ; අප විලාප ගී ගැයුවා; ඔබ හැඬුවේ නෑ.’ මන්ද යොහන් බව්තීස්ත පැමිණියේ රොටි කන්නේවත්, මිදි යුෂ බොන්නේවත් නැතිවයි. ඊට ඔබ කියන්නේ, ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා ඇත’ කියායි. මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි. එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි දරුවන්ගෙන් ඔප්පු වී ඇතැ” යි පැවසූ සේක.

ශු. ලූක් 7:11-35 Sinhala Revised Old Version (SROV)

ඉන්පසු උන්වහන්සේ නායින් නම් නුවරකට ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ සමඟ ගියෝය. උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය. ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක. උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක. එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක. එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය. උන්වහන්සේ ගැන මේ ප්‍රවෘත්තිය මුළු යුදයෙහිද වටකර රට මුළුල්ලෙහිද පතළවිය. යොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වුවෝය. එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය. ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙනකෙනෙකු බලා සිටිය යුතුදැයි අහන පිණිස යොහන් බව්තීස්ත අප ඔබ වෙතට එවුවේයයි කීවෝය. ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක. උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ. යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක. යොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බටගසක්ද? නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, අලංකාර වස්ත්‍ර හැඳ සැපජීවිකාවෙන් සිටින්නෝ රාජමාළිගාවල සිටිති. නුමුත් කුමක් බලන්ට ගියහුද? අනාගතවක්තෘ කෙනෙක්ද? එසේය, නුඹලාට කියමි, අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේය කියා ලියා තිබෙන්නේ මොහු ගැනය. ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි නුඹලාට කියමි. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.– මුළු සෙනඟද සුංගම් අයකරන්නෝද ඒ අසා, ඔවුන් යොහන්ගේ බව්තීස්මයෙන් බව්තීස්මය ලැබ සිටි නිසා, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඒත්තුගත්තෝය. නුමුත් ඵරිසිවරු ව්‍යවස්ථාව උගන්වන්නෝද ඔහුගෙන් බව්තීස්මය නොලැබ, දෙවියන්වහන්සේගේ අදහස තමුන්ටම එපාකළෝය.– මේ පරම්පරාවේ මනුෂ්‍යයන් කුමකට සමාන කරම්ද? මොන දෙයකට ඔවුන් සමානද? අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළදාම්පළේ හිඳ ඔවුනොවුන්ට හඬගසා කියන්නාවූ දරුවන් හා සමාන වෙති. මක්නිසාද යොහන් බව්තීස්ත ඇවිත් රොටි නොකා මුද්‍රිකපානය නොබී සිටියි; එබැවින් ඔහු යක්ෂාවේශ කෙනෙකැයි නුඹලා කියන්නහුය. මනුෂ්‍ය පුත්‍රයා ඇවිත් කමින් බොමින් සිටියි; නුඹලා කථාකොට: බලව, ගිජු මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි නුඹලා කියන්නහුය. එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ සියලු දරුවන් කරණකොටගෙන ඔප්පුවී තිබේයයි කීසේක.

ශු. ලූක් 7:11-35 Sinhala New Revised Version (NRSV)

ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මහත් සමූහයක් ද උන් වහන්සේ පිරිවරා ගියහ. උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ. සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, “යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. එවිට මළ මිනිසා නැඟිට හිඳගෙන කතා කරන්න පටන්ගත්තේ ය. උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි ද අවට පෙදෙස්වල ද පැතිර ගියේ ය. ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා, “වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය. ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක. උන් වහන්සේ උත්තර දෙමින්, “යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක. ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, “ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති. එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි, ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය. මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ. එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ. තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා, ‘අපි ඔබට නළා පිම්බෙමු. ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි කියන දරුවන් හා සමාන වෙති. ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය. මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”

ශු. ලූක් 7:11-35 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. ලූක් 7:11-35 New International Version (NIV)

Soon afterward, Jesus went to a town called Nain, and his disciples and a large crowd went along with him. As he approached the town gate, a dead person was being carried out—the only son of his mother, and she was a widow. And a large crowd from the town was with her. When the Lord saw her, his heart went out to her and he said, “Don’t cry.” Then he went up and touched the bier they were carrying him on, and the bearers stood still. He said, “Young man, I say to you, get up!” The dead man sat up and began to talk, and Jesus gave him back to his mother. They were all filled with awe and praised God. “A great prophet has appeared among us,” they said. “God has come to help his people.” This news about Jesus spread throughout Judea and the surrounding country. John’s disciples told him about all these things. Calling two of them, he sent them to the Lord to ask, “Are you the one who is to come, or should we expect someone else?” When the men came to Jesus, they said, “John the Baptist sent us to you to ask, ‘Are you the one who is to come, or should we expect someone else?’ ” At that very time Jesus cured many who had diseases, sicknesses and evil spirits, and gave sight to many who were blind. So he replied to the messengers, “Go back and report to John what you have seen and heard: The blind receive sight, the lame walk, those who have leprosy are cleansed, the deaf hear, the dead are raised, and the good news is proclaimed to the poor. Blessed is anyone who does not stumble on account of me.” After John’s messengers left, Jesus began to speak to the crowd about John: “What did you go out into the wilderness to see? A reed swayed by the wind? If not, what did you go out to see? A man dressed in fine clothes? No, those who wear expensive clothes and indulge in luxury are in palaces. But what did you go out to see? A prophet? Yes, I tell you, and more than a prophet. This is the one about whom it is written: “ ‘I will send my messenger ahead of you, who will prepare your way before you.’ I tell you, among those born of women there is no one greater than John; yet the one who is least in the kingdom of God is greater than he.” (All the people, even the tax collectors, when they heard Jesus’ words, acknowledged that God’s way was right, because they had been baptized by John. But the Pharisees and the experts in the law rejected God’s purpose for themselves, because they had not been baptized by John.) Jesus went on to say, “To what, then, can I compare the people of this generation? What are they like? They are like children sitting in the marketplace and calling out to each other: “ ‘We played the pipe for you, and you did not dance; we sang a dirge, and you did not cry.’ For John the Baptist came neither eating bread nor drinking wine, and you say, ‘He has a demon.’ The Son of Man came eating and drinking, and you say, ‘Here is a glutton and a drunkard, a friend of tax collectors and sinners.’ But wisdom is proved right by all her children.”