ශු. ලූක් 14:7-24
ශු. ලූක් 14:7-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇරියුම් ලද්දෝ පැමිණ ගරු ආසන තෝරා ගන්නා හැටි දුටු උන්වහන්සේ, ඔවුනට මෙම උපමා කතාව පැවසූ සේක. “මංගල සාදයකට ඔබට ඇරියුම් ලැබුණු කල, මුල් ආසනයකට නො යන්න. මන්ද ඔබට වඩා උසස් කෙනකු ද ඇරියුම් ලබා සිටින්නට පුළුවන. ඔබ දෙපොළට ම ඇරියුම් කළ තැනැත්තා පැමිණ, ‘ඔය ආසනය මොහුට දෙන්නැ’ යි කීවොත්, අවමානයෙන් යුතු ව පහළ අසුනකට යෑමට ඔබට සිදු වෙයි. එනිසා යමෙක් ඔබ කැඳවූ කල, පහළ අසුනක හිඳගන්න. එවිට ඔබ කැඳවූ තැනැත්තා අවුත්, ‘එන්න සබඳ, මේ මුල් පෙළට එන්නැ’ යි කීවොත් ඔබ සමඟ සිටින සියලු අමුත්තන් ඉදිරියේ ඔබට ගෞරව ලැබෙයි. මන්ද තමා ම උසස් කර ගන්නා හැම කෙනෙක් ම පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා තැනැත්තා උසස් කරනු ලැබේ” යි කී සේක. ඉන්පසු යේසුස්වහන්සේ තමන්ට ඇරියුම් කළ තැනැත්තාට කතා කොට, “ඔබ භෝජන සංග්‍රහයක් දහවල හෝ රාත්‍රියේ පවත්වන කල, ඔබේ මිතුරන්, සහෝදරයින්, ඔබේ නෑයින් හෝ ධනවත් අසල්වාසීන් නො කැඳවන්න. ඔබ එසේ කළහොත් ඔවුන් ද පෙරළා ඔබට ඇරියුම් කරනු ඇත. එවිට ඔබේ ක්‍රියාවනට ප්‍රතිවිපාක ලැබේ. එබැවින් ඔබ භෝජන සංග්‍රහයක් පවත්වන කල දුප්පතුන්ට, අබ්බගාතයින්ට, කොරුන්ට හා අන්ධයින්ට ඇරියුම් කරන්න. පෙරළා ඔබට සංග්‍රහ කරන්නට ඔවුන්ට නො හැකි බැවින්, ඔබ භාග්‍යවන්තයි. ධර්මිෂ්ඨයින්ගේ නැවත නැගිටීමේදී ඔබට ඊට ප්‍රතිඵල ලැබෙනු ඇතැ” යි පැවසූ සේක. උන්වහන්සේ සමඟ මේසයට වාඩි වී සිටි කෙනෙක් ඒ අසා, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රොටි වළඳන තැනැත්තා ආශිර්වාද ලද්දෙකැ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “එක් මිනිහෙක් මහ ජයට භෝජන සංග්‍රහයක් පිළියෙල කර, බොහෝ දෙනකුට ඇරියුම් කළා. භෝජන වේලාව ළං වූ කල, ඇරියුම් කර තිබූ අය වෙත තම සේවකයා පිටත් කළ ඔහු, ‘එන්න, දැන් සියල්ල ලැහැස්තියි’ කියා යැව්වා. “එහෙත් ඔවුහු සැවොම නෑවිත් සිටීමට හේතු දක්වන්නට වුණා. පළමු වැන්නා කරුණු දක්වමින්, ‘මා මේ ඉඩම් කැබැල්ලක් ගත්තා විතරයි; එය බලන්නට යා යුතු ව තියෙනවා. එන්නට නො හැකිවීම ගැන හරි කණගාටුයි’ කීවා. “තව කෙනෙක්, ‘මා ගොන් බාන් පහක් ගෙනාවා. උන් හොඳින් වැඩ කරත් දැයි බලන්නටයි මේ ලැහැස්තිය. අනේ බොහොම කණගාටුයි; අද එන්න බැරි යැ’ යි කීවා. “තවත් කෙනෙක්, ‘මා භාර්යාවක් ආවාහ කර ගත්තා විතරයි; එනිසා එන්නට බැහැ’ යි කීවා. “සේවකයා ආපසු ගොස්, තම හාම්පුතුට එපවත් දැන්වූවා. ඉන් කෝප වූ ගෘහපතියා, ‘නගරයේ වීදිවලටත්, අතුරු පාරවලටත් වහාම ගොස්, දිළින්දන්, අබ්බගාතයින්, අන්ධයින් හා කොරුන් කැඳවාගෙන එනු’ යි තම සේවකයාට කීවා. “ඒ නියෝගය ඉටු කළ සේවකයා, ‘ස්වාමිනි ඔබ අණ කළ ලෙස කළා. එනමුත් තවත් ඉඩ තිබේ යැ’ යි කීවා. “එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා. මා ඔබට කියන්නේ, ඇරියුම් ලද්දවුන්ගෙන් කිසිවකු මගේ සංග්‍රහයේ රස නො විඳිනා බව යැ’ ” යි පැවසූ සේක.
ශු. ලූක් 14:7-24 Sinhala Revised Old Version (SROV)
කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්: යමෙක් විසින් සරණ මංගල්‍යයකට නුඹ කැඳවනු ලැබූ කල්හි ප්‍රධානාසනයෙහි ඉඳ නොගන්න. සමහරවිට නුඹට වඩා උතුම් කෙනෙක් කැඳවනු ලැබුවේ නම්, නුඹත් ඔහුත් කැඳවූ තැනැත්තා ඇවිත්–මොහුට ඉඩදෙන්නැයි නුඹට කීවොත්, නුඹ ලජ්ජාවෙන් පහත් ස්ථානයට යන්ට පටන් ගන්නෙහිය. නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය. මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක. උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: නුඹ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, නුඹේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත නුඹ කැඳවන්නෝය, එවිට නුඹට ප්‍රතිඵලයක් ලැබෙන්නේය. නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් ඒ දේ අසා: දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී කෑම කන තැනැත්තේ වාසනාවන්තයෙකැයි උන්වහන්සේට කීවේය. නුමුත් උන්වහන්සේ ඔහුට කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් මහත් රාත්‍රි කෑමක් පිළියෙළකොට බොහෝ දෙනෙකු කැඳෙවුවේය. කෑම වේලාව පැමිණි කල: එන්න, සියල්ලම දැන් සූදානම්යයි කැඳවනු ලැබූවන්ට කියන පිණිස ඔහු තමාගේ දාසයා යැවීය. නුමුත් ඔවුන් සියල්ලෝම නෑවිත් සිටීමට එකලෙස කාරණා කියන්ට පටන්ගත්තෝය. පළමුවෙනියා: මම කෙතක් මිලේට ගතිමි, ඒක බලන්ට යන්ටම ඕනෑය. මට කමාවෙන මෙන් නුඹෙන් ඉල්ලමියි ඔහුට කීවේය. තවත් කෙනෙක්: මම ගොන් පස්බානක් මිලේට ගතිමි, උන් හොඳද කියා බලන්ට යමි. මට කමාවෙන මෙන් නුඹෙන් ඉල්ලමියි ඔහුට කීවේය. තවත් කෙනෙක්ද: මම භාර්යාවකු සරණපාවා ගතිමි, එබැවින් එන්ට බැරියයි කීවේය. ඒ දාසයා ඇවිත් තමාගේ ස්වාමියාට මේ කාරණා දැන්නුවේය. එවිට ගෙදර ස්වාමියා කෝපවී: නුඹ නුවර වීථිවලටද අතුරු පාරවලටද වහාම ගොස්, දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනෙන්නැයි තමාගේ දාසයාට කීවේය. දාසයාද: ස්වාමීනි, ඔබ අණකළ ලෙස කරනලද්දේය, නුමුත් තව ඉඩ තිබේයයි කීවේය. එවිට ස්වාමියා දාසයාට කථාකොට: නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය. මක්නිසාද නුඹලාට කියමි–කැඳවනු ලැබූවන්ගෙන් එක්කෙනෙක්වත් මාගේ රාත්‍රි කෑමෙහි රස නොබලන්නේයයි කීයේය.
ශු. ලූක් 14:7-24 Sinhala New Revised Version (NRSV)
ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්, “යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ. එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක. උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, “ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක. එහි සිටි අයගෙන් කෙනෙක් එවදන් අසා, “දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ජේසුස් වහන්සේට කී ය. එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙසේ වදාළ සේක: “එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය. භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය. එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙන් ඉල්ලමි’යි ඔහුට කී ය. තව කෙනෙක්, ‘මම ගොන් පස් බානක් මිළ දී ගතිමි; ඔවුන් වැඩට හොඳ ද කියා අත්හදා බලන්න යමි; මට කමා වන මෙන් ඉල්ලමි’යි ඔහුට කී ය. තවත් කෙනෙක්, ‘මම ස්ත්‍රියක විවාහ කර ගතිමි; එබැවින් එන්න නොහැකි ය’යි කී ය. ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙහි ගෙනෙව’යි සිය දාසයාට කී ය. දාසයා ද, ‘ස්වාමීනි ඔබ අණ කළ ලෙස කෙළෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැ’යි කී ය. එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය. මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක් වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේ ය.”
ශු. ලූක් 14:7-24 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. ලූක් 14:7-24 New International Version (NIV)
When he noticed how the guests picked the places of honor at the table, he told them this parable: “When someone invites you to a wedding feast, do not take the place of honor, for a person more distinguished than you may have been invited. If so, the host who invited both of you will come and say to you, ‘Give this person your seat.’ Then, humiliated, you will have to take the least important place. But when you are invited, take the lowest place, so that when your host comes, he will say to you, ‘Friend, move up to a better place.’ Then you will be honored in the presence of all the other guests. For all those who exalt themselves will be humbled, and those who humble themselves will be exalted.” Then Jesus said to his host, “When you give a luncheon or dinner, do not invite your friends, your brothers or sisters, your relatives, or your rich neighbors; if you do, they may invite you back and so you will be repaid. But when you give a banquet, invite the poor, the crippled, the lame, the blind, and you will be blessed. Although they cannot repay you, you will be repaid at the resurrection of the righteous.” When one of those at the table with him heard this, he said to Jesus, “Blessed is the one who will eat at the feast in the kingdom of God.” Jesus replied: “A certain man was preparing a great banquet and invited many guests. At the time of the banquet he sent his servant to tell those who had been invited, ‘Come, for everything is now ready.’ “But they all alike began to make excuses. The first said, ‘I have just bought a field, and I must go and see it. Please excuse me.’ “Another said, ‘I have just bought five yoke of oxen, and I’m on my way to try them out. Please excuse me.’ “Still another said, ‘I just got married, so I can’t come.’ “The servant came back and reported this to his master. Then the owner of the house became angry and ordered his servant, ‘Go out quickly into the streets and alleys of the town and bring in the poor, the crippled, the blind and the lame.’ “ ‘Sir,’ the servant said, ‘what you ordered has been done, but there is still room.’ “Then the master told his servant, ‘Go out to the roads and country lanes and compel them to come in, so that my house will be full. I tell you, not one of those who were invited will get a taste of my banquet.’ ”