කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්: යමෙක් විසින් සරණ මංගල්‍යයකට නුඹ කැඳවනු ලැබූ කල්හි ප්‍රධානාසනයෙහි ඉඳ නොගන්න. සමහරවිට නුඹට වඩා උතුම් කෙනෙක් කැඳවනු ලැබුවේ නම්, නුඹත් ඔහුත් කැඳවූ තැනැත්තා ඇවිත්–මොහුට ඉඩදෙන්නැයි නුඹට කීවොත්, නුඹ ලජ්ජාවෙන් පහත් ස්ථානයට යන්ට පටන් ගන්නෙහිය. නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය. මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක. උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: නුඹ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, නුඹේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත නුඹ කැඳවන්නෝය, එවිට නුඹට ප්‍රතිඵලයක් ලැබෙන්නේය. නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් ඒ දේ අසා: දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී කෑම කන තැනැත්තේ වාසනාවන්තයෙකැයි උන්වහන්සේට කීවේය. නුමුත් උන්වහන්සේ ඔහුට කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් මහත් රාත්‍රි කෑමක් පිළියෙළකොට බොහෝ දෙනෙකු කැඳෙවුවේය. කෑම වේලාව පැමිණි කල: එන්න, සියල්ලම දැන් සූදානම්යයි කැඳවනු ලැබූවන්ට කියන පිණිස ඔහු තමාගේ දාසයා යැවීය. නුමුත් ඔවුන් සියල්ලෝම නෑවිත් සිටීමට එකලෙස කාරණා කියන්ට පටන්ගත්තෝය. පළමුවෙනියා: මම කෙතක් මිලේට ගතිමි, ඒක බලන්ට යන්ටම ඕනෑය. මට කමාවෙන මෙන් නුඹෙන් ඉල්ලමියි ඔහුට කීවේය. තවත් කෙනෙක්: මම ගොන් පස්බානක් මිලේට ගතිමි, උන් හොඳද කියා බලන්ට යමි. මට කමාවෙන මෙන් නුඹෙන් ඉල්ලමියි ඔහුට කීවේය. තවත් කෙනෙක්ද: මම භාර්යාවකු සරණපාවා ගතිමි, එබැවින් එන්ට බැරියයි කීවේය. ඒ දාසයා ඇවිත් තමාගේ ස්වාමියාට මේ කාරණා දැන්නුවේය. එවිට ගෙදර ස්වාමියා කෝපවී: නුඹ නුවර වීථිවලටද අතුරු පාරවලටද වහාම ගොස්, දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනෙන්නැයි තමාගේ දාසයාට කීවේය. දාසයාද: ස්වාමීනි, ඔබ අණකළ ලෙස කරනලද්දේය, නුමුත් තව ඉඩ තිබේයයි කීවේය. එවිට ස්වාමියා දාසයාට කථාකොට: නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය. මක්නිසාද නුඹලාට කියමි–කැඳවනු ලැබූවන්ගෙන් එක්කෙනෙක්වත් මාගේ රාත්‍රි කෑමෙහි රස නොබලන්නේයයි කීයේය.
ශු. ලූක් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ශු. ලූක් 14:7-24
4 Days
One of the Pharisees invited the Lord Jesus to eat a meal. As Jesus watched the guests choose the best places to sit, He told them a story, exhorting them not to choose the best seats, but to humbly choose the least important seats. Some people lift themselves up to be important, only to be abased; but the humble will be exalted.
If you were making an ice cream sundae, you wouldn’t top it with ketchup or fermented tuna liver – they just don’t belong there! In our lives as followers of Jesus, pride has no place in the picture. Join us as we learn about the ingredient every believer’s life should include: humility!
5 Days
Jesus said that the greatest among us must be a humble servant. Greatness in the kingdom of God is measured by one’s ability to hold the baton of servanthood and humility which Christ demonstrated and passes to us. This plan gives an overview of servant leadership, humility, and what it means to walk the path of Jesus wherever we practice leadership.
Join us as we look at a few attributes that are Freely Given to us and should be given that way to others.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ