ලෙවී කථාව 4:13-21
ලෙවී කථාව 4:13-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘මුළු ඉශ්‍රායෙල් සමාජය නොමග ගොස් පව් කරමින්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ජන සමාජය ඒ ගැන නො දැන සිටිය ද, ඔවුහු වරදකරුවෝ වෙති. තමන් විසින් කරන ලද පාපය හැඳිනගත් කල, ඉශ්‍රායෙල් සභාව, පාප පූජාවක් වශයෙන් ගොන් වස්සකු ගෙනවුත්, හමුවීමේ කූඩාරම අබියසදී ඌ පිළිගැන්විය යුතු ය. ඉශ්‍රායෙල් සමාජයේ ප්‍රජා මූලිකයින් ස්වාමින්වහන්සේ ඉදිරිපිට වස්සාගේ හිස මත අත් තබා, ඉන්පසු, ස්වාමින්වහන්සේ ඉදිරිපිට වස්සා මරනු ලැබිය යුතු ය. ආලේප ලද පූජකයා ඉන්පසු, ගොන් වස්සාගේ ලේ ස්වල්පයක් හමුවීමේ කූඩාරම තුළට ගෙනවුත්, තම ඇඟිල්ල ලෙයේ බහා, ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධස්ථානයේ තිරය දෙසට හත් වාරයක් ඒ ලේ ඉසිය යුතු ය. ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේ අබියස හමුවීමේ කූඩාරම තුළ ඇති පූජාසනයේ අං මත ද ලේ ස්වල්පයක් තවරා, ඉතිරි ගව ලේ, හමුවීම් කූඩාරම් දොරටුව අසල වන දවන යාග පූජාසනය පාමුල වත් කළ යුතු ය. ඔහු උගේ මේදය සියල්ල ඉවත් කොට, පූජාසනය මත ඒවා දවාලිය යුතු ය. පාප පූජාවේ ගවයා සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ පරිදි ම, මේ ගවයාටත් කළ යුතු ය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කළ කල්හි, ඔවුන්ගේ පාප කමා කෙරේ. ඉන්පසු පූජකයා කඳවුරෙන් පිටතට ගවයා ගෙන ගොස්, පළමු ගවයා දවා ලූ අයුරින් ඌ දවාලිය යුතු ය. ජන සමාජය උදෙසා වූ පාප පූජාව එයයි.
ලෙවී කථාව 4:13-21 Sinhala Revised Old Version (SROV)
මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්, ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය. සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය. ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්, තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය. තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය. ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය. ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.
ලෙවී කථාව 4:13-21 Sinhala New Revised Version (NRSV)
“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පණතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්, ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය. ප්‍රජා මූලිකයන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒ වස්සාගේ හිස පිට අත් තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආලේප ලත් පූජකවරයා ද වස්සාගේ ලේ මඳක් සම්මුඛ මණ්ඩපයට ගෙනා යුතු ය. පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය. ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය. ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය. පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ. ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
ලෙවී කථාව 4:13-21 Sinhala New Revised Version 2018 (SNRV)
“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පනතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්, ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය. ප්‍රජා මූලිකයන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒ වස්සාගේ හිස පිට අත් තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආලේප ලත් පූජකවරයා ද වස්සාගේ ලේ මඳක් සම්මුඛ මණ්ඩපයට ගෙනා යුතු ය. පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය. ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය. ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය. පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ. ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
ලෙවී කථාව 4:13-21 New International Version (NIV)
“ ‘If the whole Israelite community sins unintentionally and does what is forbidden in any of the LORD’s commands, even though the community is unaware of the matter, when they realize their guilt and the sin they committed becomes known, the assembly must bring a young bull as a sin offering and present it before the tent of meeting. The elders of the community are to lay their hands on the bull’s head before the LORD, and the bull shall be slaughtered before the LORD. Then the anointed priest is to take some of the bull’s blood into the tent of meeting. He shall dip his finger into the blood and sprinkle it before the LORD seven times in front of the curtain. He is to put some of the blood on the horns of the altar that is before the LORD in the tent of meeting. The rest of the blood he shall pour out at the base of the altar of burnt offering at the entrance to the tent of meeting. He shall remove all the fat from it and burn it on the altar, and do with this bull just as he did with the bull for the sin offering. In this way the priest will make atonement for the community, and they will be forgiven. Then he shall take the bull outside the camp and burn it as he burned the first bull. This is the sin offering for the community.