ලෙවී කථාව 27:1-10

ලෙවී කථාව 27:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ යළි මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයා අමතා, මෙසේ පවසන්න: ‘ජීවත් වන කෙනකුගේ වටිනාකමට අදාළ ව යමකු, ස්වාමින්වහන්සේට විශේෂ බාරයක් වන්නේ නම්, විසිවන විය පටන් හැටවන විය දක්වා වූ පිරිමියකු සඳහා වන වටිනාකම, ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව රිදී ෂෙකෙල් පනහක් ලෙස තක්සේරු කරන්න. එම වයසේ කාන්තාවක සඳහා, ෂෙකෙල් තිහක් ලෙස තක්සේරු කරන්න. පස් වන විය පටන් විසිවන විය දක්වා වූ පුරුෂයකු සඳහා, ෂෙකෙල් විස්සක් ද ස්ත්‍රියක සඳහා, ෂෙකෙල් දහයක් ද යන වශයෙන් තක්සේරු කරන්න. එක්මස් විය පටන් පස්වස් විය දක්වා පුරුෂ පක්ෂයෙන් රිදී ෂෙකෙල් පහක් ද ස්ත්‍රී පක්ෂයෙන් රිදී ෂෙකෙල් තුනක් ද යන වශයෙන් තක්සේරු කරන්න. හැටවන විය ඉක්ම වූ පුරුෂයකු සඳහා ෂෙකෙල් පහළොවක් ද ස්ත්‍රියක සඳහා ෂෙකෙල් දහයක් ද යන වශයෙන් තක්සේරු කරන්න. බාරය වූ අය, නියමිත මිල ගෙවීමට අපොහොසත් දුගියෙක් වේ නම්, තක්සේරුවට ලක් විය යුත්තා, පූජකයා ඉදිරියට පැමිණ විය යුතු ය. එවිට, බාරය වූ අයට දැරිය හැකි පරිදි පූජකයා ඔහු වෙනුවෙන් තක්සේරුවක් කරනු ඇත. “ ‘ඔහු බාරය වූයේ ස්වාමින්වහන්සේට පූජාවක් වශයෙන් පිළිගත හැකි වූ සතකු නම්, ස්වාමින්වහන්සේට වෙන් කළ එම සතා ශුද්ධ බවට පත් වේ. ඔහු, ඌ මාරු නො කළ යුතු ය. හොඳ එකකු වෙනුවට නරක එකකුවත්, නරක එකකු වෙනුවට හොඳ එකකුවත් මාරු නො කළ යුතු ය. එසේ කළහොත්, බාර වූ සතාත්, මාරු කළ සතාත් යන සතුන් දෙදෙනා ම ශුද්ධ බවට පත් වේ.

ලෙවී කථාව 27:1-10 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් නුඹ නියමකරන ගණනේ හැටියට ස්වාමීන්වහන්සේට අයිති වන්නෝය. විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන නුඹේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය. ස්ත්‍රියෙක් නම් නුඹේ නියමකිරීම ෂෙකෙල් තිසක් වන්නේය. පස් අවුරුද්ද පටන් විසි අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් විස්සක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය. මසක් පටන් පස් අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක්නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම රිදී ෂෙකෙල් පහක්ද ගෑනු කෙනෙක් ගැන නුඹේ නියමකිරීම රිදී ෂෙකෙල් තුනක්ද වන්නේය. සැට අවුරුද්ද පටන් වැඩි වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් පසළොසක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය. නුමුත් ඔහු නුඹ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කෙරේවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකෙරේවා. මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකිරීමට ගන්නාවූ මෘගයෙක් නම්, මනුෂ්‍යයෙකු ස්වාමීන්වහන්සේට දෙන්නාවූ එබඳු සියල්ලම ශුද්ධවන්නේය. ඔහු හොඳ එකෙකු නරක එකෙකුට හෝ නරක එකෙකු හොඳ එකෙකුට හෝ වෙනස් නොකළ යුතුය, මාරුනොකළ යුතුය. කොයි ආකාරයකින්වත් මෘගයෙකුට මෘගයෙකු මාරුකරන්නේනම් ඒකාද ඌට මාරුකළ එකාද ශුද්ධවන්නෝය.

ලෙවී කථාව 27:1-10 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය. “ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි. ස්ත්‍රියක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි තිහක් වේ. “අවුරුදු පහේ සිට විස්ස දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි විස්සකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි. “මාසයේ සිට අවුරුදු පහ දක්වා වයසැති පිරිමි ළමයෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පහකි. ගැහැණු ළමයෙක් නම්, රිදී කාසි තුනකි. “අවුරුදු හැටට වැඩි වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පසළොසකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි. “බාරය වූ තැනැත්තා, නියම කළ මුදල ගෙවීමට නොහැකි දුප්පතෙක් නම්, ඔහු පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. පූජකවරයා ද ඔහුගේ වත්කම අනුව මුදලක් නියම කරනු ඇත. “බාර වූ දේ සමිඳාණන් වහන්සේට පූජාවක් ලෙස පිළිගත හැකි සතෙක් නම්, එලෙස උන් වහන්සේට පුදන දේ කැප වූවක් විය යුතු ය. ඔහු බාර වූ පසු හොඳ සතෙකුට නරක සතෙකු හෝ නරක සතෙකුට හොඳ සතෙකු හෝ වශයෙන් මාරු නොකළ යුතු ය. එසේ මාරු කළොත්, සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප කළ වස්තු වෙත්.

ලෙවී කථාව 27:1-10 Sinhala New Revised Version 2018 (SNRV)