ලෙවී කථාව 25:18-23

ලෙවී කථාව 25:18-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘මගේ නියෝග පිළිපදින්න. මගේ නියමයන්වලට කීකරු වීමට වග බලා ගන්න. එවිට ඔබ දේශයෙහි සුරැකි ව වෙසෙනු ඇත. එවිට දේශය ද එහි පලදාව උපද්දන්නේ ය. ඔබ ඒවා සිත් සේ භුක්ති විඳ, සුරැකි ව එහි වාසය කරනු ඇත. හත් වන වසරේ අප වපුරන්නේවත්, අස්වනු නෙළා ගන්නේවත් නැති නම්, එම වසරේ අප කෑමට ගන්නේ මොනවාදැයි ඔබ අසන්නට පුළුවන. තුන් වසරකට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් දේශයෙන් උපද්දන ආශිර්වාදයක් හය වන වසරේ මම ඔබ වෙත එවන්නෙමි. අ‍ට වන වසරේ වපුරා, එහි අස්වනු නව වන වසරේ නෙළාගන්නා තෙක් ම, හය වන වසරේ ලද පැරණි අස්වැන්නෙන් ඔබ අනුභව කරනු ඇත. “ ‘දේශයේ ඉඩම් නිත්‍ය වශයෙන් නො විකිණිය යුතු ය. මන්ද, දේශය මගේ ය; නුඹලා විදෙස්සන් හා ආගන්තුකයන් පමණි.

ලෙවී කථාව 25:18-23 Sinhala Revised Old Version (SROV)

එබැවින් මාගේ පනත් ඉෂ්ටකොට, මාගේ විනිශ්චයයන් පවත්වා, ඒවා රක්ෂාකරන්න; එවිට නුඹලා දේශයෙහි සුවසේ වාසයකරනවා ඇත. දේශය තමාගේ ඵලය දෙන්නීය, නුඹලා තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය. ඉදින් අප විසින් වපුරන්නේවත් අපේ අස්වැන්න රැස්කරගන්නේවත් නැත්නම් සත්වෙනි අවුරුද්දේ කුමක් කමුදැයි නුඹලා අසනවානම් මෙසේ කියමි. හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි. එසේ නුඹලා අටවෙනි අවුරුද්දේ වපුරා පරණ ඵලයෙන් කන්නහුය; නවවෙනි අවුරුද්දේ ඵල ලැබෙන තුරුම පරණ ඵල කන්නහුය. දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.

ලෙවී කථාව 25:18-23 Sinhala New Revised Version (NRSV)

“නුඹලා මාගේ නීති සහ විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කරන්න. එවිට නුඹලා දේශයේ සුරැකි ව වසනු ඇත. දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය. හත් වන අවුරුද්දේ දී වපුරන්නේ වත්, පලදාව එකතු කරන්නේ වත් නැති බැවින් එම අවුරුද්දේ දී අපි කුමක් කන්නෙමු ද කියා කෙනෙකුට ඇසිය හැකි ය. හය වන අවුරුද්දේ දී තුන් අවුරුද්දක ආශීර්වාදය ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා වෙත පැමිණීමට මම අණ කරමි. අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.” “දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.

ලෙවී කථාව 25:18-23 Sinhala New Revised Version 2018 (SNRV)