“ ‘මගේ නියෝග පිළිපදින්න. මගේ නියමයන්වලට කීකරු වීමට වග බලා ගන්න. එවිට ඔබ දේශයෙහි සුරැකි ව වෙසෙනු ඇත. එවිට දේශය ද එහි පලදාව උපද්දන්නේ ය. ඔබ ඒවා සිත් සේ භුක්ති විඳ, සුරැකි ව එහි වාසය කරනු ඇත. හත් වන වසරේ අප වපුරන්නේවත්, අස්වනු නෙළා ගන්නේවත් නැති නම්, එම වසරේ අප කෑමට ගන්නේ මොනවාදැයි ඔබ අසන්නට පුළුවන. තුන් වසරකට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් දේශයෙන් උපද්දන ආශිර්වාදයක් හය වන වසරේ මම ඔබ වෙත එවන්නෙමි. අට වන වසරේ වපුරා, එහි අස්වනු නව වන වසරේ නෙළාගන්නා තෙක් ම, හය වන වසරේ ලද පැරණි අස්වැන්නෙන් ඔබ අනුභව කරනු ඇත. “ ‘දේශයේ ඉඩම් නිත්‍ය වශයෙන් නො විකිණිය යුතු ය. මන්ද, දේශය මගේ ය; නුඹලා විදෙස්සන් හා ආගන්තුකයන් පමණි.
ලෙවී 25 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලෙවී 25:18-23
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ