ලෙවී කථාව 24:5-8
ලෙවී කථාව 24:5-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“සිහින් පිටි ගෙන, එකක් ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් බැගින් වූ රොටි දොළහක් පුලුස්සා ගන්න. එක ගොඩකට හය බැගින්, ඒවා අමිශ්ර රන් මේසය මත ස්වාමින්වහන්සේ අබියස ගොඩවල් දෙකකට තබන්න. තවද ස්වාමින්වහන්සේට ගින්නේ පිදෙන පූජාවක් සේ, එම කැවිලිවල සිහිවීමේ පංගුවක් වශයෙන් ඒ එක් එක් ගොඩ මත පිරිසිදු කට්ටකුමංජල් ස්වල්පයක් දමන්න. ඉශ්රායෙල් ජනයා උදෙසා සදාතනික ගිවිසුමක් වශයෙන් මෙම රොටි, සබතක්, සබතක් පාසා, නිති පතා ස්වාමින්වහන්සේ අබිමුවේ විධිමත් ව තැබිය යුතු ය.
ලෙවී කථාව 24:5-8 Sinhala Revised Old Version (SROV)
සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න. ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක්මෙන් රොටිවල සිහිවීමක් පිණිස ඒ දෙපෙළ පිට පවිත්ර තුවරලා තබන්න. ඔහු ඒවා ඉශ්රායෙල් පුත්රයන් උදෙසා නිරන්තර ගිවිසුමක් වන පිණිස හැම සබත් දවසේම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළිවෙළට තබන්නේය.
ලෙවී කථාව 24:5-8 Sinhala New Revised Version (NRSV)
“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්රෑම් එකක් විය යුතු ය. පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට රොටි තැබිය යුතු ය. ඉන්පසු පේළි දෙකේ ම පිරිසිදු තුවරලා දැමිය යුතු ය. මෙලෙස රොටි මත වැටෙන තුවරලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුද කරන ආහාර පූජාවක් සිහිවීමේ ලකුණක් වනු ඇත. සෑම සබත් දවසක ම මින් ඉදිරියට ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේවා පිළිවෙළට තැබිය යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයා උදෙසා ඒවා සදාතන ගිවිසුමක් වනු ඇත.
ලෙවී කථාව 24:5-8 Sinhala New Revised Version 2018 (SNRV)
“නුඹ සිහින් පිටි රැගෙන පූප දොළොසක් සාදන්න. එක පූපයක පිටි කිලෝග්රෑම් එකක් විය යුතු ය. පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට පූප තැබිය යුතු ය. ඉන්පසු පේළි දෙකේ ම පිරිසිදු තුවරලා දැමිය යුතු ය. මෙලෙස පූප මත වැටෙන තුවරලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුද කරන ආහාර පූජාවක් සිහිවීමේ ලකුණක් වනු ඇත. සෑම සබත් දවසක ම මින් ඉදිරියට ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේවා පිළිවෙළට තැබිය යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයා උදෙසා ඒවා සදාතන ගිවිසුමක් වනු ඇත.
ලෙවී කථාව 24:5-8 New International Version (NIV)
“Take the finest flour and bake twelve loaves of bread, using two-tenths of an ephah for each loaf. Arrange them in two stacks, six in each stack, on the table of pure gold before the LORD. By each stack put some pure incense as a memorial portion to represent the bread and to be a food offering presented to the LORD. This bread is to be set out before the LORD regularly, Sabbath after Sabbath, on behalf of the Israelites, as a lasting covenant.