ලෙවී ව්‍යවස්ථාව 24:5-8

ලෙවී ව්‍යවස්ථාව 24:5-8 NRSV

“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය. පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට රොටි තැබිය යුතු ය. ඉන්පසු පේළි දෙකේ ම පිරිසිදු තුවරලා දැමිය යුතු ය. මෙලෙස රොටි මත වැටෙන තුවරලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුද කරන ආහාර පූජාවක් සිහිවීමේ ලකුණක් වනු ඇත. සෑම සබත් දවසක ම මින් ඉදිරියට ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේවා පිළිවෙළට තැබිය යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයා උදෙසා ඒවා සදාතන ගිවිසුමක් වනු ඇත.