ලෙවී කථාව 23:24-25
ලෙවී කථාව 23:24-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘හත් වන මස පළමු දින, විවේක දවසක් ද හොරණෑ නාදය සහිත ව සමරන ශුද්ධ එක් රැස්වීමක් ද පැවැත් විය යුතු ය. එදින, දවසේ වැඩ කටයුතුවල නො යෙදෙන්න. ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජාවක් පිළිගන්වන්නැ’ යි” පැවසූ සේක.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්නලෙවී කථාව 23:24-25 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය. නුඹ කිසිම බර වැඩක් නොකළ යුතුය. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්නලෙවී කථාව 23:24-25 Sinhala New Revised Version (NRSV)
“හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්න