ලෙවී කථාව 13:3
ලෙවී කථාව 13:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුගේ හමේ ආසාදිත කොටස පූජකයා පිරික්සා බැලිය යුතු ය. හම මතු පිට එකී කොටසෙහි රෝම සුදු පැහැ ගැන්වී, එතැන හම මදක් යටට කා-වැදී ඇති වගක් පෙනේ නම්, එය කුෂ්ඨ රෝගයකි. එසේ වූ විට පූජකයා, එම රෝගියා පිරික්සූ පසු, ඔහු අපවිත්ර වග නිවේදන කළ යුතු ය.
ලෙවී කථාව 13:3 Sinhala Revised Old Version (SROV)
පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්රයයි කිය යුතුය.
ලෙවී කථාව 13:3 Sinhala New Revised Version (NRSV)
පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්ර ය කියා ප්රකාශ කළ යුතු ය.
ලෙවී කථාව 13:3 Sinhala New Revised Version 2018 (SNRV)
පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්ර ය කියා ප්රකාශ කළ යුතු ය.
ලෙවී කථාව 13:3 New International Version (NIV)
The priest is to examine the sore on the skin, and if the hair in the sore has turned white and the sore appears to be more than skin deep, it is a defiling skin disease. When the priest examines that person, he shall pronounce them ceremonially unclean.