යෝෂුවා 6:2-3
යෝෂුවා 6:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි. පුරවරය වට කරමින්, යුද්ධකාමී මිනිසුන් සියලු දෙනා සමඟ ඔබ පුරවරය වටා එක් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය. දවස් හයක් එසේ කළ යුතු ය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්නයෝෂුවා 6:2-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවාදුනිමි. යුද්ධකාරයෝවූ නුඹලා සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් නුඹ විසින් එසේ කළ යුතුය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්නයෝෂුවා 6:2-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි. යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්න