යෝෂුවා 6:16-17
යෝෂුවා 6:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හත් වන වාරයේ පූජකයින් දීර්ඝ ස්වරයෙන් හොරණෑ හැඬ වූ කල, යෝෂුවා ජනයා අමතමින්, “ජය ගොස නගනු! මන්ද, ස්වාමින්වහන්සේ පුරවරය ඔබට දී තිබේ. පුරවරයත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේ උදෙසා මුළුමනින් ම විනාශයට කැප ය. රාහාබ් වෙසඟන හා ඇය සමඟ නිවසේ සිටින ඇගේ නිවසේ සිටින අයට පමණක් ජීවත් විය හැක. මන්ද අප යැවූ පණිවුඩකරුවන් සැඟවූයේ ඇයයි.
යෝෂුවා 6:16-17 Sinhala Revised Old Version (SROV)
සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.
යෝෂුවා 6:16-17 Sinhala New Revised Version (NRSV)
සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.
යෝෂුවා 6:16-17 Sinhala New Revised Version 2018 (SNRV)
සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.
යෝෂුවා 6:16-17 New International Version (NIV)
The seventh time around, when the priests sounded the trumpet blast, Joshua commanded the army, “Shout! For the LORD has given you the city! The city and all that is in it are to be devoted to the LORD. Only Rahab the prostitute and all who are with her in her house shall be spared, because she hid the spies we sent.