යෝෂුවා 6:1-17

යෝෂුවා 6:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මේ වන විට ඉශ්‍රායෙල් ජනයා නිසා, යෙරිකෝව තරයේ වසා දමන ලදී; කිසිවකු පිටතට ගියේවත්, ඇතුළට ආවේවත් නැත. එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි. පුරවරය වට කරමින්, යුද්ධකාමී මිනිසුන් සියලු දෙනා සමඟ ඔබ පුරවරය වටා එක් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය. දවස් හයක් එසේ කළ යුතු ය. පූජකයින් හත් දෙනෙක් ගිවිසුම් කරඬුවට පෙරටුව බැටළු අං හොරණෑ හතක් රැගෙන, යා යුතු ය. හත්වෙනි දවසේ පුරවරය වටා හත් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය; පූජකයින් හොරණෑ පිඹිය යුතු ය. ඔවුන් බැටළු අං හොරණෑවෙන් දීර්ඝ ස්වරයෙන් හඬ නංවන කල, ඒ හොරණෑ නාදය ඔබට ඇසෙන කල මුළු ජනතාව මහ කෑගැසීමකින් කෑ ගැසිය යුතු ය; එවිට පුර පවුර බිමට සමතලාව ඇද වැටෙන්නේ ය. එවිට ජනයා හැම කෙනෙක් ම කෙළින් ම ඉදිරියට යන්නේ යැ” යි පැවසූ සේක. එබැවින් නූන්ගේ පුත් යෝෂුවා, පූජකයින් කැඳවා, ඔවුන් අමතමින්, “ගිවිසුම් කරඬුව ඔසවා ගන්න. බැටළු අං හොරණෑ හතක් ගත් පූජකයින් හත් දෙනෙක් ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් යේවා” යි පැවසී ය. ඉන්පසු ඔහු ජනයා අමතමින්, “ඉදිරියට යන්න! පුරය වටා පෙළපාලියෙන් යන්න. ආයුධ සන්නද්ධ භට පිරිස, ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් ගමන් කරත්වා!” යි පැවසී ය. යෝෂුවා ජනයාට අණ කර තිබූ පරිදි, ස්වාමින්වහන්සේ ඉදිරිපිට බැටළු අං හොරණෑ හත දැරූ පූජකයින් හත්දෙනා, හොරණෑ හඬවමින්, ඉදිරියට ගමන් කළේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පසුපසින් එද්දී ය. අවි දැරූ මිනිස්සු, හොරණෑ පිඹින පූජකයින්ට ඉදිරියෙන් ගමන් කළහ. පසු සේනාංකය, කරඬුව පසුපසින් ගමන් ගත්තේ එක දිගට ම හොරණෑ හැඬවෙද්දී ය. යෝෂුවා ජනයාට මෙසේ අණ දුන්නේ ය: “මා ඔබට කියන දවස දක්වා ඔබ ජය ඝෝෂා නො කළ යුතු ය. ඔබේ කටහඬ ඇසෙන්නට ඉඩ නො දිය යුතු ය; වචනයක්වත් නො පැවසිය යුතු ය. එහෙත්, ඝෝෂා කරන්නැයි මා ඔබට කිවූ විට, ජය ගොස නගනු” යනුවෙනි. මෙසේ ස්වාමින්වහන්සේගේ කරඬුව, පුරවරය වටා එක් වරක් ගෙන යන ලදී; ඉන්පසු ඔවුහු කඳවුරට අවුත්, කඳවුරේ රැය ගත කළහ. යෝෂුවා පසු දින උදයේ වේලාසනින් නැගිට්ටේ ය. පූජකවරු ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවා ගත්හ. බැටළු අං හොරණෑ හත රැගත් පූජකයින් හත්දෙනා ස්වාමින්වහන්සේගේ කරඬුවට පෙරටුව ගමන් කළේ නො නැවත හොරණෑ පිඹිමිනි. ආයුධ දැරූ මිනිස්සු ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළහ. නො නැවත හොරණෑ හැඬවෙන අතරේ පසු සේනාංකය, ස්වාමින්වහන්සේගේ කරඬුව පසුපසින් ගමන් ගත්හ. ඔවුහු දෙවන දවසේ පුරවරය වටා පෙළපාලියෙන් වරක් ගමන් කොට, කඳවුරට හැරී ආහ. හය දවසක් ම ඔවුහු එසේ කළහ. හත් වන දවසේ අලුයම් උදයෙන් නැගිටුණු ඔවුහු ඒ අයුරින් ම පුරවරය වටා පෙළපාලියෙන් හත් වාරයක් ගමන් කළහ. ඒ දවසේ පමණක් ඔවුහු පුරවරය වටා හත් වාරයක් පෙළපාලියෙන් ගමන් කළහ. හත් වන වාරයේ පූජකයින් දීර්ඝ ස්වරයෙන් හොරණෑ හැඬ වූ කල, යෝෂුවා ජනයා අමතමින්, “ජය ගොස නගනු! මන්ද, ස්වාමින්වහන්සේ පුරවරය ඔබට දී තිබේ. පුරවරයත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේ උදෙසා මුළුමනින් ම විනාශයට කැප ය. රාහාබ් වෙසඟන හා ඇය සමඟ නිවසේ සිටින ඇගේ නිවසේ සිටින අයට පමණක් ජීවත් විය හැක. මන්ද අප යැවූ පණිවුඩකරුවන් සැඟවූයේ ඇයයි.

යෝෂුවා 6:1-17 Sinhala Revised Old Version (SROV)

යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවාදුනිමි. යුද්ධකාරයෝවූ නුඹලා සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් නුඹ විසින් එසේ කළ යුතුය. පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා. තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක. එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය. ඔහු සෙනඟටත් කථාකොට: ඉදිරියට ගොස් නුවර වටේ යන්න, ආයුධ ගත් පුරුෂයෝ ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව යෙත්වයි කීවේය. යෝෂුවා සෙනඟට කථාකොට නිමවූ කල, පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට පස්සෙන් ගියේය. සන්නද්ධවූ අය හොරණෑ පිඹින පූජකයන්ට පෙරටුව ගියෝය, හොරණෑ පිඹිමින් යද්දී අනික් අය පෙට්ටියට පස්සෙන් ගියෝය. යෝෂුවා සෙනඟට අණකොට කියනුයේ: ඔල්වර හඬ ගසන්ට මා විසින් නුඹලාට කියන දවස දක්වා නුඹලා ඔල්වරහඬ නොපැවැත්විය යුතුය, නුඹලාගේ කටහඬ ඇසෙන්ටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වන්නැයි කීවේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එක වරක් නුවර වටකර යන්ට සැලැස්විය. ඔව්හු කඳවුරට අවුත් එහි නැවතුණෝය. යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය. පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත ගෙන ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොනැවතී යමින් හොරණෑ පිම්බෝය. සන්නද්ධවූ අය ඔවුන්ට පෙරටුව ගියෝය; හොරණෑ පිඹිමින් යද්දී අනික් අය ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියෝය. මෙසේ දෙවෙනි දවසේදී එක වරක් නුවර වටේට ගොස් කඳවුරට හැරී ආවෝය. සදවසක් ඔව්හු එසේ කළෝය. සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය. සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.

යෝෂුවා 6:1-17 Sinhala New Revised Version (NRSV)

ජෙරිකෝව ඉශ්රායෙල් ජනයාගෙන් ආරක්ෂා කරගනු පිණිස එය අගුල් දමා වසා තිබුණේ ය. කිසිවෙකු පිටතට ගියේ වත්, ඇතුළතට ආවේ වත් නැත. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි. යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය. පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා! තවද, ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට, ඒ හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණු කල, සකල ජනයා මහත් ඔල්වර හඬක් නඟත් වා! එවිට නුවර පවුර ඇද වැටෙන්නේ ය. සෙනඟ ද එකිනෙකා කෙළින් ම නුවර ඉදිරියට යන්නෝ යැ”යි වදාළ සේක. එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය. ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය. ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය. සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. ජෝෂුවා සෙනඟට අණ කරමින්, “ඔල්වර හඬ නඟන්නට මා ඔබ හැමට කියන දවස දක්වා ඔබ හැම ඔල්වර හඬ නොනැඟිය යුතු ය. ඔබ හැමගේ කට හඬ ඇසෙන්නට වත්, ඔබේ කටින් කිසිවක් නික්මෙන්නට වත් නොදිය යුතු ය. මා අණ කළ විට ඔල්වර හඬ නැඟිය යුතු ය”යි කීවේ ය. මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය. පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය. පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. මෙසේ දෙ වන දවසේ දී නුවර වටේට එක වරක් ගොස් ඔව්හු ආපසු කඳවුරට ආවෝ ය. හය දවසක් ඔව්හු එසේ කළෝ ය. සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය. සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.

යෝෂුවා 6:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 6:1-17 New International Version (NIV)

Now the gates of Jericho were securely barred because of the Israelites. No one went out and no one came in. Then the LORD said to Joshua, “See, I have delivered Jericho into your hands, along with its king and its fighting men. March around the city once with all the armed men. Do this for six days. Have seven priests carry trumpets of rams’ horns in front of the ark. On the seventh day, march around the city seven times, with the priests blowing the trumpets. When you hear them sound a long blast on the trumpets, have the whole army give a loud shout; then the wall of the city will collapse and the army will go up, everyone straight in.” So Joshua son of Nun called the priests and said to them, “Take up the ark of the covenant of the LORD and have seven priests carry trumpets in front of it.” And he ordered the army, “Advance! March around the city, with an armed guard going ahead of the ark of the LORD.” When Joshua had spoken to the people, the seven priests carrying the seven trumpets before the LORD went forward, blowing their trumpets, and the ark of the LORD’s covenant followed them. The armed guard marched ahead of the priests who blew the trumpets, and the rear guard followed the ark. All this time the trumpets were sounding. But Joshua had commanded the army, “Do not give a war cry, do not raise your voices, do not say a word until the day I tell you to shout. Then shout!” So he had the ark of the LORD carried around the city, circling it once. Then the army returned to camp and spent the night there. Joshua got up early the next morning and the priests took up the ark of the LORD. The seven priests carrying the seven trumpets went forward, marching before the ark of the LORD and blowing the trumpets. The armed men went ahead of them and the rear guard followed the ark of the LORD, while the trumpets kept sounding. So on the second day they marched around the city once and returned to the camp. They did this for six days. On the seventh day, they got up at daybreak and marched around the city seven times in the same manner, except that on that day they circled the city seven times. The seventh time around, when the priests sounded the trumpet blast, Joshua commanded the army, “Shout! For the LORD has given you the city! The city and all that is in it are to be devoted to the LORD. Only Rahab the prostitute and all who are with her in her house shall be spared, because she hid the spies we sent.