යෝෂුවා 4:19-24
යෝෂුවා 4:19-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ජනයා පළමු මස දහ වන දින යොර්දානෙන් එගොඩ වී, යෙරිකෝවේ නැගෙනහිර මායිමේ ගිල්ගාල්හි කඳවුරු බැන්දහ. ඔවුන් යොර්දාන් ගඟෙන් ගත් ගල් දොළොස ගිල්ගාල්හි පිහිටෙවු යෝෂුවා, ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඔබේ දරුවන් මතු දවස ඔවුන්ගේ පියවරුන්ගෙන්, ‘මොකක් ද මේ ගල්වල තේරුම?’ යි ඇසූ විටෙක, ‘ඉශ්‍රායෙල් මෙහිදී වියළි බිම පිට යොර්දානය තරණය කළ බව’ ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතු ය. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ යොර්දානෙන් එතෙර වන තෙක් ම එහි ජලය හින්ද වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රතු මුහුදට කළ ලෙස ම ය. අප ඉන් එතෙර වන තෙක් ම උන්වහන්සේ එහි ජලය හින්ද වූ සේක. එසේ කළේ ස්වාමින්වහන්සේගේ හස්තය බලවත් වග පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ සදහට ම භය වන පිණිසත් යැ” යි පැවසී ය.
යෝෂුවා 4:19-24 Sinhala Revised Old Version (SROV)
මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය. ඔවුන් යොර්දානෙන් ගත්තාවූ ඒ ගල් දොළොස යෝෂුවා ගිල්ගාල්හි සිටුවා, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ නුඹලාගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට, නුඹලා ඔවුන්ට කථාකර: ඉශ්‍රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය. මක්නිසාද පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් ස්වාමීන්වහන්සේගේ හස්තය බලවත් බව දැනගන්න පිණිසත්, ඔවුන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සෑම කල්හිම භයවෙන පිණිසත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප රතු මුහුදෙන් මෙතර වෙන තුරු එහි ජලය අප ඉදිරියෙන් හින්දවා දැමුවාක් මෙන් නුඹලා මෙතර වෙන තුරු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යොර්දානේ ජලය නුඹලා ඉදිරියෙනුත් හින්දවා දැමූසේක කියා දන්වන්නැයි කීවේය.
යෝෂුවා 4:19-24 Sinhala New Revised Version (NRSV)
මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන් ජොර්දාන් ගඟින් ගත් ඒ ගල් දොළොස ජෝෂුවා ගිල්ගාල්හි එක උඩ එක තබා ඉශ්රායෙල් ජනයා අමතමින්, “ ‘මේ ගල් පිළිවෙළට තබා තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයෙහි දී ඔබේ දරු පරපුර ඔවුන්ගේ පියවරුන්ගෙන් අසන විට ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අප රතු මුහුදෙන් එතෙර වන තුරු එහි දිය, අප බලාගෙන සිටිය දී ම, හින්දවා දැමුවාක් මෙන්, උන් වහන්සේ ජොර්දාන් ගඟේ දිය ද අප බලාගෙන සිටිය දී හින්දවා දැමූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, මිහි පිට සියල්ලන් සමිඳාණන් වහන්සේගේ හස්තය බලවත් බව දැනගනු පිණිසත්, ඔවුන් දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම ගරුබිය දක්වනු පිණිසත් ය’ කියා දැන්විය යුතු ය”යි කීවේ ය.
යෝෂුවා 4:19-24 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 4:19-24 New International Version (NIV)
On the tenth day of the first month the people went up from the Jordan and camped at Gilgal on the eastern border of Jericho. And Joshua set up at Gilgal the twelve stones they had taken out of the Jordan. He said to the Israelites, “In the future when your descendants ask their parents, ‘What do these stones mean?’ tell them, ‘Israel crossed the Jordan on dry ground.’ For the LORD your God dried up the Jordan before you until you had crossed over. The LORD your God did to the Jordan what he had done to the Red Sea when he dried it up before us until we had crossed over. He did this so that all the peoples of the earth might know that the hand of the LORD is powerful and so that you might always fear the LORD your God.”