යෝෂුවා 3:1-6
යෝෂුවා 3:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, මුළු ඉශ්‍රායෙල් ජනයා සමඟ ෂිට්ටීම් වෙතින් පිටත් ව, යොර්දාන් වෙත පැමිණ, එතෙර වීමට පළමුවෙන්, ඔවුහු එහි කඳවුරු ගැසූහ. දවස් තුනකට පසු, නිලධාරීහු කඳවුර පුරා ඇවිද ගොස්, ජනයාට නියෝග කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ලෙවීවර පූජකයින් උසුලාගෙන යනවා ඔබ දකින විගස, ඔබ සිටිනා තැන්වලින් මෑත් ව, ඒ පසුපසින් ගමන් කළ යුතු ය. එහෙත් ඔබත්, එයත් අතර රියන් දෙදහසක පරතරයක් තිබිය යුතු ය. ඊට ළං නො විය යුතු ය; මින් පෙර කිසි දින ඔබ මේ මාර්ගයේ ගොස් නැති බැවින්, ඔබ යා යුතු මාර්ගය එය ඔබට පෙන්වනවා ඇතැ” යි කීහ. යෝෂුවා ජනයා අමතමින්, “ඔබ ම පවිත්‍ර කර ගන්න; මන්ද ස්වාමින්වහන්සේ හෙට දවසේ ඔබ අතරේ විස්මිත දෑ සිදු කරන සේකැ” යි පැවසී ය. යෝෂුවා පූජකයින්ට කතා කොට, “ගිවිසුම් කරඬුව රැගෙන, ජනතාවට පෙරටුවෙන් ඉදිරියට යන්නැ” යි පැවසී ය. එබැවින් ඔවුහු එය උසුලාගෙන, ඔවුනට පෙරටුවෙන් ගියහ.
යෝෂුවා 3:1-6 Sinhala Revised Old Version (SROV)
යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය. තවද තුන් දවසකට පසු මුලාදෑනීහු කඳවුර මුළුල්ලෙහි ගොස්, සෙනඟට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් නුඹලා දකින විට නුඹලාගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න. එහෙත් මිම්මෙන් රියන් දෙදහසක් පමණවූ ඉඩක් නුඹලාටත් ඊටත් අතරේ තිබිය යුතුය. මීට පළමුවෙන් නුඹලා මේ මාර්ගයෙහි නොගිය බැවින් නුඹලා යන්ට ඕනෑ මාර්ගය දැනගන්න පිණිස ඊට ළංනොවී සිටින්නැයි අණකළෝය. යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ නුඹලා අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය. යෝෂුවා පූජකයන්ටද කථාකොට: නුඹලා ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය.
යෝෂුවා 3:1-6 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය. තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්, සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න. ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය. ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්‍ර වන්නැ”යි කී ය. ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.
යෝෂුවා 3:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 3:1-6 New International Version (NIV)
Early in the morning Joshua and all the Israelites set out from Shittim and went to the Jordan, where they camped before crossing over. After three days the officers went throughout the camp, giving orders to the people: “When you see the ark of the covenant of the LORD your God, and the Levitical priests carrying it, you are to move out from your positions and follow it. Then you will know which way to go, since you have never been this way before. But keep a distance of about two thousand cubits between you and the ark; do not go near it.” Joshua told the people, “Consecrate yourselves, for tomorrow the LORD will do amazing things among you.” Joshua said to the priests, “Take up the ark of the covenant and pass on ahead of the people.” So they took it up and went ahead of them.