ජෝෂු 3:1-6

ජෝෂු 3:1-6 NRSV

ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය. තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්, සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න. ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය. ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්‍ර වන්නැ”යි කී ය. ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.

ජෝෂු 3 කියවන්න

මෙයට අදාළ වීඩියෝ