යෝෂුවා 22:1-34

යෝෂුවා 22:1-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු යෝෂුවා, රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ ගෝත්‍ර අර්ධය ද කැඳවා, ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට අණ කළ සියල්ල ඔබ ඉටු කර ඇත. මා අණ කළ සියල්ලේදීත් ඔබ මගේ කටහඬට කීකරු වුණා. මේ දිගු කාලය, මේ අද දවස දක්වා ඔබ, ඔබේ සහෝදරයින් අත්හැර නො ගොස්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පැවරූ කාරිය ඔබ ඉටු කර තිබේ. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි ඔබේ සහෝදරයින්ට දැන් විවේකය දී ඇති බැවින්, ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් යොර්දානෙන් එතෙර ඔබට දුන් ඔබේ උරුමය වූ දේශයේ ඔබේ කූඩාරම්වලට හැරී යන්න. එහෙත් ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට ආඥා කළ ආඥාව හා ව්‍යවස්ථාව පවත්වන්නට තදින් හිතට ගන්න. එනම් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නටත්, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වන්නටත්, උන්වහන්සේට බොහෝ ඇලුම් ව, ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද උන්වහන්සේට මෙහෙ කරන්නටත් යැ” යි කීවේ ය. ඉන්පසු යෝෂුවා ඔවුන්ට ආශිර්වාද කර, ඔවුන් පිටත් කර හැරියේ ය. ඔවුහු තම කූඩාරම් කරා ගියහ. තවද මනස්සේ ගෝත්‍ර එක් අර්ධයකට මෝසෙස්, බාෂාන්හි උරුමයක් දී තිබිණි. එහෙත් අනෙක් ගෝත්‍ර අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරේ යොර්දානෙන් බටහිර ප්‍රදේශයෙන් යෝෂුවා උරුමයක් දුන්නේ ය. යෝෂුවා ඔවුන්ගේ නිවෙස් කරා ඔවුන් යවන කල, ඔවුන්ට ආශිර්වාද කරමින්, ඔහු පැවසුවේ, “මහත් ධන සම්භාරයත්, විශාල පශු සම්පතත්, රිදී, රත්රන්, ලෝකඩ හා යකඩත්, ඇඳුම් මහා තොගයත් ගෙන, ඔබේ කූඩාරම්වලට යන්න. ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය, ඔබේ නෑසියන් සමඟ බෙදා ගන්නැ” යි කියා ය. එබැවින් රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධය, ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කළ ලෙස, තමන් අත්කර ගත් තමන්ගේ දේශය වූ ගිලියාද් වෙත යන පිණිස, කානාන් දේශයේ ෂීලෝහි දී ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමුගෙන ආපසු ගෙදර ගියහ. ඔවුහු කානාන් දේශයේ යොර්දාන් අසබඩ ගෙලීලොත්ට ආ කල, රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධයේ ජනයා යොර්දාන් සමීපයේ පූජාසනයක් ඉදි කළහ. එය දැකීමට මහත් පූජාසනයකි. එවිට කානාන් දේශ සීමාවේ ඉශ්‍රායෙල්වරුන්ට අයත් පැත්තේ, යොර්දාන් අසබඩ ගෙලීලොත්හි ඔවුන් පූජාසනයක් ඉදි කොට ඇති වග ඉශ්‍රායෙල් ජනයාට අසන්නට ලැබිණ. ඉශ්‍රායෙල් ජනයා ඒ ඇසූ කල, මුළු ඉශ්‍රායෙල් සමාජය ඔවුන්ට එරෙහිව යුද්ධයට යන පිණිස ෂීලෝහි දී එක් රැස් වූහ. එවිට ඉශ්‍රායෙල් ජනයා ගිලියාද් දේශයේ රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍ර අර්ධය වෙත, පූජක එලෙයාසර්ගේ පුත් පීනෙහාස් යැවූහ. ඔහු සමඟ එක් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශයකින් එක් කෙනකු වශයෙන් ඉශ්‍රායෙල් පෙළපත් අතරේ ප්‍රධානීන් වූ මිනිසුන් දස දෙනකු ද යැවූහ. ඔවුහු ගිලියාද් දේශයට රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍ර වංශ අර්ධය වෙත අවුත්, කතා කොට, “ස්වාමින්වහන්සේගේ මුළු ජන සමාජය මෙසේ කියයි: ‘ස්වාමින්වහන්සේට එරෙහිව අද දවසේ කැරලිකාරකමින් නුඹලාට ම පූජාසනයක් තනා ගැනීමෙන්, ස්වාමින්වහන්සේ අනුව යෑමෙන් ඉවත හැරී, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට එරෙහිව නුඹලා මොකක් ද මේ කරන ද්‍රෝහිකම? පෙයෝර්ගේ පාපය අපට මදි ද? අද දවස දක්වා අප එයින් පවිත්‍ර වී නැත. ස්වාමින්වහන්සේගේ සමාජය පිට වසංගතයක් පැමිණුනි. දැන් නුඹලාත් ස්වාමින්වහන්සේ අනුව යාමෙන් ඉවත හැරී යන්නෝ ද? “ ‘ස්වාමින්වහන්සේට එරෙහිව අද නුඹලා කැරලි ගැසුවොත්, හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සමාජය සමඟ ම කෝපවනු ඇත. එබැවින් දැන් නුඹලාට අයිති දේශය අපවිත්‍ර නම්, ස්වාමින්වහන්සේගේ මණ්ඩපය පිහිටා සිටින ස්වාමින්වහන්සේගේ දේශයට එගොඩට ගොස්, අප අතරේ නුඹලාට ම උරුමයක් ගන්න. එහෙත් ස්වාමින්වහන්සේට එරෙහිව කැරලිගහන්න විතරක් එපා. අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය හැර, වෙනත් පූජාසනයක් තනා ගැනීමෙන් අපත් කැරලිකරුවන් කරන්න එපා. සෙරාගේ පුත් ආකාන් කැප කළ දේ පිළිබඳව විශ්වාසය කඩ කිරීමෙන්, මුළු ඉශ්‍රායෙල් සමාජය පිට උදහස පතිත වූවා නො වේ ද? ඔහුගේ අයුතුකම හේතුවෙන් විනාශය පැමිණියේ ඔහුට පමණක් නො වේ’ යි” කීහ. එවිට රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධයේ ජනයා, ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීන්ට පිළිතුරු දෙමින්, “දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය! දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ ස්වාමින්වහන්සේ ය! උන්වහන්සේ දන්නා සේක. ඉශ්‍රායෙල් ද තුමූම එය දැනගනිත්වා! එය කැරලි ගැසීමෙන් හෝ ස්වාමින්වහන්සේට එරෙහිව විශ්වාසය බිඳීමෙන් හෝ වූවක් නම්, අද දවසේ අප ඉතිරි නො කෙරේවා! ස්වාමින්වහන්සේ අනුව යාමෙන් ඉවත හැරීමට හෝ දවන යාග පූජා, ධාන්‍ය පූජා නැතහොත් ශාන්ති පූජා ඔප්පු කරන්නට අප පූජාසනයක් තනා ගත්තා නම්, ස්වාමින්වහන්සේ ම ඊට පළිය ගන්නා සේක්වා! “නෑ එසේ නො වේ! අප එසේ කළේ මෙන්න මේ භය නිසයි; මතු යම් දවසක ඔබේ දරුවන් අපේ දරුවන් අමතා, ‘මොකක් ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සමඟ ඔබට ඇති කාරිය? යොර්දාන් ගඟ ස්වාමින්වහන්සේ ඔබත්, අපත් අතරේ කඩ ඉමක් කරලා; එම්බා රූබෙන්වරුනි! ගාද්වරුනි! ස්වාමින්වහන්සේ තුළ නුඹලාට පංගුකාරකමක් නැතැ’ යි පැවසිය හැකි ය; එසේ ඔබේ දරුවන් ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමෙන් අපේ දරුවන් වැළැක්විය හැකියි. “එනිසයි අප කීවේ, ‘අපි පූජාසනයක් ගොඩ නගමු; එහෙත්, දවන යාග පූජා හෝ යාග පූජා ඔප්පු කරන්නට නො වෙයි.’ ඒ වෙනුවට අප අපේ ම දවන යාග පූජා, යාග පූජා හා ශාන්ති පූජා ඇතුව ස්වාමින්වහන්සේ අබියස උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ සේවය කරන වගට එය ඔබත්, අපත් අතර ද අපට පසු මතු එන පරම්පරා අතර ද සාක්ෂියක් වන පිණිස ය. එවිට මතු යම් දිනෙක, ‘ස්වාමින්වහන්සේ තුළ නුඹලාට පංගුකාරකමක් නැතැ’ යි අපේ දරුවන්ට කියන්නට ඔබේ දරුවන්ට හැකි වන්නේ නැත. “තවද, අපට හෝ අපේ දරුවන්ට යම් දවසක ඔවුන් එසේ කීවොත්, අපට මෙසේ කිව හැකියි: ‘මෙන්න, අපේ පියවරුන් තැනූ, ස්වාමින්වහන්සේගේ පූජාසනයේ ආකෘතිය; බලන්න! එය දවන යාග පූජා සහ යාග පූජා ඔප්පු කරන්නට නො වේ. එය ඔබත්, අපත් අතරේ සාක්ෂියකි’ යි කියන්නට අපට පුළුවන. “ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසීමත්, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ මණ්ඩපය අබියස ඇති පූජාසනයට පරිබාහිර ව දවන යාග පූජා, ධාන්‍ය පූජා හා යාග පූජා පුදන්නට වෙනත් පූජාසනයක් තැනීමෙන් අද දවසේ උන්වහන්සේ වෙතින් හැරී යාමත්, අප කෙරෙන් දුරු වේවා” යි පැවසූහ. පූජක පීනෙහාස් හා ඔහු සමඟ වූ ඉශ්‍රායෙල් පෙළපත් නායකයින් වූ ඉශ්‍රායෙල් ජන ප්‍රධානීහු රූබෙන් ජනයා, ගාද් ජනයා හා මනස්සේ ජනයා පැවසූ දේ අසා සෑහීමට පත් වූහ. පූජක එලෙයාසර්ගේ පුත් පීනෙහාස්, රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේවරුන් ද අමතමින්, “අප දන්නවා අද දවසේ ස්වාමින්වහන්සේ අප සමඟ වග. මන්ද ඔබ ස්වාමින්වහන්සේට එරෙහිව ද්‍රෝහි වෙලා නැහැ. දැන් ඔබ ස්වාමින්වහන්සේ අතින් ඉශ්‍රායෙල් ගලවාගෙන ඇතැ” යි කීවේ ය. ඉන්පසු පූජක එලෙයාසර්ගේ පුත් පීනෙහාස් හා ප්‍රධානීහු ගිලියාද් දේශයේදී රූබෙන්වරුන් හා ගාද්වරුන් හමුවීමෙන් පසුව, කානාන් දේශයේ ඉශ්‍රායෙල් ජනයා වෙත ආපසු අවුත්, ඒ වග ඔවුන්ට සැල කළහ. ඒ ආරංචිය ඉශ්‍රායෙල් ජනයාට ප්‍රීතියක් විය. දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ ඉශ්‍රායෙල් ජනයා රූබෙන්වරුන් හා ගාද්වරුන් විසූ රට වනසා දමන්නට ඔවුන්ට එරෙහිව යුද්ධයට යෑමක් ගැන තවත් කතා කළේ නැත. රූබෙන්වරු හා ගාද්වරු එම පූජාසනය සාක්ෂිය නමින් හැඳින් වූහ. මන්ද “ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ වගට එය අප අතරේ සාක්ෂියකි” යි ඔවුහු පැවසූහ.

යෝෂුවා 22:1-34 Sinhala Revised Old Version (SROV)

එවිට යෝෂුවා රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කැඳවා, ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ සියල්ල නුඹලා පැවැත්තුවහුය, මා නුඹලාට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය. නුඹලා අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් නුඹලාගේ සහෝදරයන් අත්නෑර සිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය. දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න. එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය. මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්: නුඹලා බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව නුඹලාගේ කූඩාරම්වලට ගොස්, නුඹලාගේ සතුරන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය. එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය. කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය. එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය. ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද, ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක පිය පෙළපතට අධිපතිව සිටි අධිපතිවරුන් දසදෙනෙක්ද යැවුවෝය. ඔව්හු එකිනෙකා ඉශ්‍රායෙල් දහස් ගණන් අතරෙහි තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝව සිටියෝය. ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්: නුඹලා අද දවසේ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද? පෙයෝර් පිළිබඳ අපරාධය මදිද? ස්වාමීන්වහන්සේගේ සභාව පිටට වසංගතයක් පැමිණි නුමුත් අද දක්වා අපි ඒ අපරාධයෙන් පවිත්‍ර නොවීමුව. එහෙත් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ නුඹලා අද ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත. නුඹලාගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර නුඹලාට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට ත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න. ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය. රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ඉශ්‍රායෙල්හි දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ට උත්තරදෙමින්: දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව. ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේම ඒ ගැන පළිගන්නසේක්වා; අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට කම් කිම්ද? රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් නුඹලාටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැතැයි කියා මෙසේ නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව. එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව, අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ නුඹලාද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැත කියා මතු කාලයේ නුඹලාගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය. එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ නුඹලා අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය. එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේ පුත්‍රයන්ද විසින් කී වචන පූජකවූ පීනෙහාස්ද ඔහු සමඟ සිටිය සභාවේ අධිපතීන් වන ඉශ්‍රායෙල් දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ද ඇසූ කල ඊට ඔව්හු බොහෝසේ සතුටුවූහ. පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව නුඹලා මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය. එවිට පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද අධිපතීහුද රූබෙන් පුත්‍රයන් හා ගාද් පුත්‍රයන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත හැරී ඇවිත් ඔවුන්ට එපවත් කීවෝය. ඒ කාරණය ඉශ්‍රායෙල් පුත්‍රයන්ට හොඳව පෙනුණේය; එබැවින් රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද වාසයකළ දේශය විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව යුද්ධයට යාම ගැන ඉශ්‍රායෙල් පුත්‍රයෝ තවත් කථානොකොට දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය. රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද: ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවට එය අප අතරේ සාක්ෂියක් වන නිසාය කියා ඒ පූජාසනයට ඒද් යන නාමය තැබුවෝය.

යෝෂුවා 22:1-34 Sinhala New Revised Version (NRSV)

ජෝෂුවා රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කැඳවා ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය. ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපණත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.” මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය. එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය. කානාන් දේශයේ තිබෙන ජොර්දාන් ගඟ අසබඩ පළාතට ඔවුන් පැමිණිවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද මනා පෙනුමක් ඇති විශාල පූජාසනයක් ගොඩනැඟුවහු ය. එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය. ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය. ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ඔවුන් සමඟ සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයේ අධිපති ව සිටි අධිපතීන් දසදෙනෙකු ද යැවුවෝ ය. ඔව්හු එකිනෙකා ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි තම තමන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියන් ව සිටියෝ ය. ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ: “සමිඳාණන් වහන්සේගේ මුළු සෙනඟ මෙසේ කියති, ‘ඔබ අද දවසේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් පූජාසනයක් ගොඩනඟා ගැනීමෙන් අද ඔබ සමිඳාණන් වහන්සේ වෙතින් වෙන් වී ගොස් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ මේ අපරාධය කුමක් ද? පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත. එහෙත්, ඔබ අද සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව යන්නහු ද? මෙසේ ඔබ අද සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසන හෙයින් හෙට උන් වහන්සේ මුළු ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි උදහස් වනු ඇත. ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න. ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ “ රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද ඉශ්රායෙල්වරුන්ගේ පවුල්වල පිය පෙළපත් ප්‍රධානීන්ට මෙසේ පිළිතුරු දුන්නෝ ය: “දේවාතිදේව සමිඳාණන් වහන්ස, දේවාතිදේව සමිඳාණන් වහන්ස, උන් වහන්සේ ම දන්නා සේක. ඉශ්රායෙල් ජනයා ද දැනගත යුතු ය. අපි කැරලි ගසා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙමු නම්, අද අප ඉතිරි නොකළ මැනව. අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා! අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්, රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි. එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව, අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය. එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.” එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ. පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය. එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය. ඒ පුවත ගැන ඉශ්රායෙල්වරු සතුටු වූ හ. එබැවින්, රූබන්වරුන් ද ගාද්වරුන් ද වාසය කළ දේශය විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යාම ගැන ඉශ්රායෙල් සෙනඟ තවත් කතා නොකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය. රූබන්වරු ද ගාද්වරු ද ‘සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවට එය අප අතර සාක්ෂියක් වන්නේ ය’ කියා ඒ පූජාසනයට ඒද් හෙවත් සාක්ෂිය යන නාමය තැබූ හ.

යෝෂුවා 22:1-34 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝෂුවා රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කැඳවා ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය. ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපනත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.” මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය. එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය. කානාන් දේශයේ තිබෙන ජොර්දාන් ගඟ අසබඩ පළාතට ඔවුන් පැමිණිවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද මනා පෙනුමක් ඇති විශාල පූජාසනයක් ගොඩනැඟුවහු ය. එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය. ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය. ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ඔවුන් සමඟ සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයේ අධිපති ව සිටි අධිපතීන් දසදෙනෙකු ද යැවුවෝ ය. ඔව්හු එකිනෙකා ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි තම තමන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියන් ව සිටියෝ ය. ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ: “සමිඳාණන් වහන්සේගේ මුළු සෙනඟ මෙසේ කියති, ‘ඔබ අද දවසේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් පූජාසනයක් ගොඩනඟා ගැනීමෙන් අද ඔබ සමිඳාණන් වහන්සේ වෙතින් වෙන් වී ගොස් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ මේ අපරාධය කුමක් ද? පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත. එහෙත්, ඔබ අද සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව යන්නහු ද? මෙසේ ඔබ අද සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසන හෙයින් හෙට උන් වහන්සේ මුළු ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි උදහස් වනු ඇත. ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න. ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ ” රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද ඉශ්රායෙල්වරුන්ගේ පවුල්වල පිය පෙළපත් ප්‍රධානීන්ට මෙසේ පිළිතුරු දුන්නෝ ය: “දේවාතිදේව සමිඳාණන් වහන්ස, දේවාතිදේව සමිඳාණන් වහන්ස, උන් වහන්සේ ම දන්නා සේක. ඉශ්රායෙල් ජනයා ද දැනගත යුතු ය. අපි කැරලි ගසා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙමු නම්, අද අප ඉතිරි නොකළ මැනව. අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා! අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්, රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි. එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව, අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය. එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.” එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ. පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය. එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය. ඒ පුවත ගැන ඉශ්රායෙල්වරු සතුටු වූ හ. එබැවින්, රූබන්වරුන් ද ගාද්වරුන් ද වාසය කළ දේශය විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යාම ගැන ඉශ්රායෙල් සෙනඟ තවත් කතා නොකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය. රූබන්වරු ද ගාද්වරු ද ‘සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවට එය අප අතර සාක්ෂියක් වන්නේ ය’ කියා ඒ පූජාසනයට ඒද් හෙවත් සාක්ෂිය යන නාමය තැබූ හ.

යෝෂුවා 22:1-34 New International Version (NIV)

Then Joshua summoned the Reubenites, the Gadites and the half-tribe of Manasseh and said to them, “You have done all that Moses the servant of the LORD commanded, and you have obeyed me in everything I commanded. For a long time now—to this very day—you have not deserted your fellow Israelites but have carried out the mission the LORD your God gave you. Now that the LORD your God has given them rest as he promised, return to your homes in the land that Moses the servant of the LORD gave you on the other side of the Jordan. But be very careful to keep the commandment and the law that Moses the servant of the LORD gave you: to love the LORD your God, to walk in obedience to him, to keep his commands, to hold fast to him and to serve him with all your heart and with all your soul.” Then Joshua blessed them and sent them away, and they went to their homes. (To the half-tribe of Manasseh Moses had given land in Bashan, and to the other half of the tribe Joshua gave land on the west side of the Jordan along with their fellow Israelites.) When Joshua sent them home, he blessed them, saying, “Return to your homes with your great wealth—with large herds of livestock, with silver, gold, bronze and iron, and a great quantity of clothing—and divide the plunder from your enemies with your fellow Israelites.” So the Reubenites, the Gadites and the half-tribe of Manasseh left the Israelites at Shiloh in Canaan to return to Gilead, their own land, which they had acquired in accordance with the command of the LORD through Moses. When they came to Geliloth near the Jordan in the land of Canaan, the Reubenites, the Gadites and the half-tribe of Manasseh built an imposing altar there by the Jordan. And when the Israelites heard that they had built the altar on the border of Canaan at Geliloth near the Jordan on the Israelite side, the whole assembly of Israel gathered at Shiloh to go to war against them. So the Israelites sent Phinehas son of Eleazar, the priest, to the land of Gilead—to Reuben, Gad and the half-tribe of Manasseh. With him they sent ten of the chief men, one from each of the tribes of Israel, each the head of a family division among the Israelite clans. When they went to Gilead—to Reuben, Gad and the half-tribe of Manasseh—they said to them: “The whole assembly of the LORD says: ‘How could you break faith with the God of Israel like this? How could you turn away from the LORD and build yourselves an altar in rebellion against him now? Was not the sin of Peor enough for us? Up to this very day we have not cleansed ourselves from that sin, even though a plague fell on the community of the LORD! And are you now turning away from the LORD? “ ‘If you rebel against the LORD today, tomorrow he will be angry with the whole community of Israel. If the land you possess is defiled, come over to the LORD’s land, where the LORD’s tabernacle stands, and share the land with us. But do not rebel against the LORD or against us by building an altar for yourselves, other than the altar of the LORD our God. When Achan son of Zerah was unfaithful in regard to the devoted things, did not wrath come on the whole community of Israel? He was not the only one who died for his sin.’ ” Then Reuben, Gad and the half-tribe of Manasseh replied to the heads of the clans of Israel: “The Mighty One, God, the LORD! The Mighty One, God, the LORD! He knows! And let Israel know! If this has been in rebellion or disobedience to the LORD, do not spare us this day. If we have built our own altar to turn away from the LORD and to offer burnt offerings and grain offerings, or to sacrifice fellowship offerings on it, may the LORD himself call us to account. “No! We did it for fear that some day your descendants might say to ours, ‘What do you have to do with the LORD, the God of Israel? The LORD has made the Jordan a boundary between us and you—you Reubenites and Gadites! You have no share in the LORD.’ So your descendants might cause ours to stop fearing the LORD. “That is why we said, ‘Let us get ready and build an altar—but not for burnt offerings or sacrifices.’ On the contrary, it is to be a witness between us and you and the generations that follow, that we will worship the LORD at his sanctuary with our burnt offerings, sacrifices and fellowship offerings. Then in the future your descendants will not be able to say to ours, ‘You have no share in the LORD.’ “And we said, ‘If they ever say this to us, or to our descendants, we will answer: Look at the replica of the LORD’s altar, which our ancestors built, not for burnt offerings and sacrifices, but as a witness between us and you.’ “Far be it from us to rebel against the LORD and turn away from him today by building an altar for burnt offerings, grain offerings and sacrifices, other than the altar of the LORD our God that stands before his tabernacle.” When Phinehas the priest and the leaders of the community—the heads of the clans of the Israelites—heard what Reuben, Gad and Manasseh had to say, they were pleased. And Phinehas son of Eleazar, the priest, said to Reuben, Gad and Manasseh, “Today we know that the LORD is with us, because you have not been unfaithful to the LORD in this matter. Now you have rescued the Israelites from the LORD’s hand.” Then Phinehas son of Eleazar, the priest, and the leaders returned to Canaan from their meeting with the Reubenites and Gadites in Gilead and reported to the Israelites. They were glad to hear the report and praised God. And they talked no more about going to war against them to devastate the country where the Reubenites and the Gadites lived. And the Reubenites and the Gadites gave the altar this name: A Witness Between Us—that the LORD is God.