යෝෂුවා 14:6-9

යෝෂුවා 14:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු යූදා ජනයා යෝෂුවා වෙත ගිල්ගාල්ට ආහ. එවිට කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ඔහු අමතා, “කාදෙෂ්-බර්නේයහි දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ට ඔබත්, මාත් පිළිබඳව ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඔබ දනී. දේශයේ ඔත්තු බලන පිණිස ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් කාදෙෂ්-බර්නේය සිට මා යැවූ කල, මම හතළිස් වියැති වීමි. මම ඔහු වෙත මගේ හදවතේ වූ වචනය ගෙනාවෙමි. එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය.

යෝෂුවා 14:6-9 Sinhala Revised Old Version (SROV)

එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් නුඹ ගැනත් කී කාරණය නුඹ දන්නෙහිය. දේශය සෝදිසිකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවු මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල සතළිස් අවුරුද්දක් වයස්ව සිටියෙමි; මමද හැරී ඇවිත් මාගේ සිතේ කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි. එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි. මෝසෙස් ඒ දවසේ දිවුරමින්: නුඹ සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා සැබවින්ම නුඹ පය තැබූ දේශය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේයයි කීවේය.

යෝෂුවා 14:6-9 Sinhala New Revised Version (NRSV)

එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය. දේශයේ ඔත්තු බලන පිණිස සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල මම සතළිස් අවුරුද්දක් වයස් ව සිටියෙමි. මම ද පෙරළා අවුත් සත්‍ය වාර්තාවක් ඔහුට දුන්නෙමි. එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි. මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය.

යෝෂුවා 14:6-9 Sinhala New Revised Version 2018 (SNRV)