ජෝෂු 14:6-9

ජෝෂු 14:6-9 NRSV

එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය. දේශයේ ඔත්තු බලන පිණිස සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල මම සතළිස් අවුරුද්දක් වයස් ව සිටියෙමි. මම ද පෙරළා අවුත් සත්‍ය වාර්තාවක් ඔහුට දුන්නෙමි. එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි. මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය.