යෝෂුවා 10:11-14

යෝෂුවා 10:11-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලා යද්දී, බෙත්-හෝරෝන් බෑවුමේ ඔවුන් යන කල අසේකා දක්වා ඈතට ම ස්වාමින්වහන්සේ අහසින් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක. ඔවුහු මළෝ ය. ඉශ්‍රායෙල්වරුන් කඩුවෙන් මැරුවාට වඩා ගල් වැස්සෙන් මරණයට පත් වූවෝ බොහෝ ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින්ට අමෝරිවරුන් යටත් කර දුන් ඒ දවසේ, යෝෂුවා, ඉශ්‍රායෙල් ජන සමූහයා ඉදිරියේදී ස්වාමින්වහන්සේට කතා කරමින්, “එම්බා සූර්යය, ගිබෙයොන්ට ඉහළින් නැවතී සිටිනු; එම්බා චන්ද්‍රය, අයියාලොන් මිටියාවතට ඉහළින් සිටිනු” යි පැවසී ය. එවිට ජාතිය ඔවුන්ගේ සතුරන්ගෙන් පළි ගන්නා තෙක් ම සූර්යයා නිසල ව නැවතිණ. චන්ද්‍රයා ද නැවතුණේ ය. යාෂාර්ගේ පොතේ මෙය ලියා තියෙනවා නො වේ ද? අහස මැද නැවතී සිටි සූර්යයා, සම්පූර්ණ දවසක් පමණ බැස යන්නට ඉක්මන් නො වී ය. ස්වාමින්වහන්සේ මිනිසකුගේ කටහඬට සවන් දුන් එවන් දවසක් එතෙක් මෙතෙක් නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක.

යෝෂුවා 10:11-14 Sinhala Revised Old Version (SROV)

තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ. ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය. එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන්කළසේක.

යෝෂුවා 10:11-14 Sinhala New Revised Version (NRSV)

තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ. සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.” එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේ ය; චන්ද්‍රයා ද නැවතුණේ ය. මෙපවත් ජාෂාර්ගේ පොතේ ලියා තිබෙනු නොවේ ද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේ ය. සමිඳාණන් වහන්සේ මිනිසෙකුගේ හඬට සවන් දුන් එබඳු දවසක් මීට පෙර වත්, ඊට පසු වත් නො වී ය; මන්ද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ උදෙසා සටන් කළ සේක.

යෝෂුවා 10:11-14 Sinhala New Revised Version 2018 (SNRV)