යෝෂුවා 10:11-14

යෝෂුවා 10:11-14 SROV

තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ. ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය. එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන්කළසේක.

යෝෂුවා 10:11-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය