ජෝනා 2:3-7
ජෝනා 2:3-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද මහා ගැඹුර මැදට, සාගර පත්ලට ම ඔබ මා හෙළූ සේක. ජලධාරාවෝ මා වෙළා ගති. ඔබගේ රළ රැළි තරංග මට ඉහළින් කැරකුණේ ය. එවිට මම, ‘ඔබ දෑස් ඉදිරියෙන් මම නෙරපනු ලැබ සිටිමි. එහෙත් ඔබගේ ශුද්ධ මාලිගය දෙස මතු යළි බලන්නෙමි’ යි කීවෙමි. මා ගිලගත් ජල කඳ, මගේ ගෙලටත් උඩින් ය. ගැඹුර මා වටකර ගත්තේ ය. මුහුදු පැළෑටි මා හිස වටා එතී ගියේ ය. සාගර කඳු පාමුලට ම පහළට මම කිඳා බැස්සෙමි. අගාධයෙහි සදහට ම, මා අගුළු ලා ගති. එහෙත් ඔබ, මගේ දිවිය නිරා වළෙන් ගොඩ ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස. “මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය.
ජෝනා 2:3-7 Sinhala Revised Old Version (SROV)
ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය; ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය. එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි. ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වටකරගත්තෝය; ගැඹුර මා වටේට පැමිණියේය; මුහුද පන් මාගේ ඉස වටේ එතුණේය. කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක. මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය.
ජෝනා 2:3-7 Sinhala New Revised Version (NRSV)
ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය. එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’ ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය. මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක. මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි. මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය; ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය.
ජෝනා 2:3-7 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝනා 2:3-7 New International Version (NIV)
You hurled me into the depths, into the very heart of the seas, and the currents swirled about me; all your waves and breakers swept over me. I said, ‘I have been banished from your sight; yet I will look again toward your holy temple.’ The engulfing waters threatened me, the deep surrounded me; seaweed was wrapped around my head. To the roots of the mountains I sank down; the earth beneath barred me in forever. But you, LORD my God, brought my life up from the pit. “When my life was ebbing away, I remembered you, LORD, and my prayer rose to you, to your holy temple.