ජෝනා 2:3-7

ජෝනා 2:3-7 SROV

ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය; ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය. එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි. ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වටකරගත්තෝය; ගැඹුර මා වටේට පැමිණියේය; මුහුද පන් මාගේ ඉස වටේ එතුණේය. කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක. මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය.

ජෝනා 2 කියවන්න