ජෝබ් 9:27-29
ජෝබ් 9:27-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘මගේ පැමිණිල්ල මම අමතක කරමි; මගේ මුහුණේ පෙනුම හා මගේ සිනාව මම වෙනස් කර ගන්නෙමැ’ යි මා කීවත්, මගේ සියලු විඳවීම් ගැන තවමත් මම බියෙන් සිටිමි; මන්ද මා නිර්දෝෂ යයි ඔබ සලකන්නේ නැති වග මම දනිමි. මා වරදකරුවකු ව සිටින බැවින්, නිකරුණේ කුමට වෙහෙස වන්නෙම් ද?
ජෝබ් 9:27-29 Sinhala Revised Old Version (SROV)
මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්, මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි. මම වරදකාරයෙක් වන්නෙමි; එබැවින් නිෂ්ඵලයේ කුමට වෙහෙසෙම්ද?
ජෝබ් 9:27-29 Sinhala New Revised Version (NRSV)
මාගේ විලාපය අමතක කොට, ‘මම මාගේ දොම්නස් පෙනුම සොම්නසට වෙනස් කරමි’යි කීවත්, මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි. මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි. ‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?
ජෝබ් 9:27-29 Sinhala New Revised Version 2018 (SNRV)