ජෝබ් 26:7-14
ජෝබ් 26:7-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ උතුරු අහස හිස් අභ්‍යවකාශයේ අතුරන සේක්, පෘතුවිය ශූන්‍යතාවයෙහි එල්ලා තබන සේක. උන්වහන්සේ තම වලාකුළුවල ජලය ඔතා තබන සේක; ඒ වලාකුළු ද ඒවායේ බරින් පැළී යන්නේ නැත. උන්වහන්සේ සඳ මඬලේ මුහුණත ආවරණ වන සේ තම වලාකුළු ඊට උඩින් විහිදන සේක. එළිය හා අඳුර අතර සීමා මායිම දක්වමින් උන්වහන්සේ සාගර ජල මත ක්ෂිතිජය සලකුණු කරන සේක; උන්වහන්සේගේ තරවටුවෙන් භයපත් ව, අහස් කුලුනු සැලෙන්නට වෙයි. ස්වකීය බලයෙන් උන්වහන්සේ මුහුද චංචල කළ සේක. ස්වකීය ප්‍රඥාවෙන් උන්වහන්සේ රහබ් ගසා හෙළූ සේක; උන්වහන්සේගේ හුස්මෙන් අහස ශෝභමාන විය; උන්වහන්සේගේ හස්තයෙන් ලිස්සා යන සර්පයා තුවාල කෙරිණ. දන්නවා ද! මේ කී දෑ උන්වහන්සේගේ කටයුතුවල වටාපිටාව පමණි; අපට ඇසෙන උන්වහන්සේගේ කෙඳිරීම කොතරම් සිහින් ද! එසේ නම් උන්වහන්සේගේ බලයේ ගිගුරුම් වටහා ගත හැක්කේ කවරකුට ද?”
ජෝබ් 26:7-14 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක. උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැළෙයි. උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක. එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්‍රයක් ඇඳ තිබේ. උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති. උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චලකරනසේක; තමන්වහන්සේගේ නුවණින් රාහබ්ට ඇන දමනසේක. උන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන අහස අලංකාරව තිබේ; උන්වහන්සේගේ අත ශීඝ්‍ර සර්පයා තුවාලකළසේක. මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.
ජෝබ් 26:7-14 Sinhala New Revised Version (NRSV)
දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක. එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක. එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක. එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක. එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක; සත් සමුදුර නිසල කළ සේක. එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි. එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි. මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”
ජෝබ් 26:7-14 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 26:7-14 New International Version (NIV)
He spreads out the northern skies over empty space; he suspends the earth over nothing. He wraps up the waters in his clouds, yet the clouds do not burst under their weight. He covers the face of the full moon, spreading his clouds over it. He marks out the horizon on the face of the waters for a boundary between light and darkness. The pillars of the heavens quake, aghast at his rebuke. By his power he churned up the sea; by his wisdom he cut Rahab to pieces. By his breath the skies became fair; his hand pierced the gliding serpent. And these are but the outer fringe of his works; how faint the whisper we hear of him! Who then can understand the thunder of his power?”