ජෝබ් 26:7-14

ජෝබ් 26:7-14 SNRV

දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක. එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක. එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක. එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක. එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක; සත් සමුදුර නිසල කළ සේක. එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි. එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි. මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”

මෙයට අදාළ වීඩියෝ